වර්ෂ 2015 ක්වූ ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා




උදයකාන්ත මධුර චාරිකාවට සූදානම්

උදයකාන්ත මධුර චාරිකාවට සූදානම්

උදයකාන්ත වර්ණසූරිය විසින් නිර්මාණය කරනු ලැබූ මධුර චාරිකා චිත්‍රපටයේ සියලු වැඩ කටයුතු මේ වන විට අවසන් වී ඇත. මධුර අතීතයක් සමඟ දිවි ගෙවන සොඳුරු වියපත් මිනිසෙකුගේ සුන්දර අත්දැකීම් ඔස්සේ, විවිධ සමාජ පාන්තිකයින්ගේ ලෙන්ගතු මානුෂික සබඳතා පිළිබඳ කෙරෙන අපූර්ව ජීවන විවරණයක් මෙම චිත්‍රපටයට ඇතුළත් වෙයි.

හේමසිරි ලියනගේ එම සොඳුරු වියපත් මිනිසාගේ චරිතයට පණ පොවන අතර නලීන් ප්‍රදීප් උඩුවෙල, මාදනී මල්වත්තගේ, සරත් චන්ද්‍රසිරි, කුමාර තිරිමාදුර, ධර්මප්‍රිය ඩයස්, උදාරි වර්ණකුලසූරිය, අජිත් ලොකුගේ, චතුර පෙරේරා, විල්මන් සිරිමාන්න, සුදම් කටුකිතුලේ, අනුර ශ්‍රීනාත්, සුරංගා රණවක, මනෝ ඵචගනේෂන්, කුමාර වඳුරැස්ස සෙසු චරිත රඟපාති.

කැමරා අධ්‍යක්ෂණය අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගෙන් වන අතර සංස්කරණය ප්‍රවීන් ජයරත්නගෙනි. නවරත්න ගමගේ සංගීතය නිර්මාණය කර ඇත. කලා අධ්‍යක්ෂණය අරුණ ඩයස් ගෙන් වන අතර වේශ නිරූපණය නලින් ප්‍රේමතිලක විසිනි. සහාය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්තගෙනි.

නිෂ්පාදන සහාය දයාවංශ ජයකොඩි හා කුමාර වඳුරැස්සගෙන් වන අතර මධුර චාරිකා උදයකාන්ත වර්ණසූරිය ප්‍රොඩක්ෂන් ඉදිරිපත් කිරීමකි.