දුලීකා නැති පාඨමාලාවක්...
දුලීකා නැති පාඨමාලාවක්...

තමා දේශන සඳහා සහභාගී වන බව පවසා නාට්‍ය පාඨමාලාවක් මෙහෙය වන්නකු පිළිබඳ දුලීකා
මාරපන පොලිසියට පැමිණිල්ලක් කළ වග ඇය පැවසුවාය. නාට්‍ය පාඨමාලාවක් පිළිබඳ පළ කළ
දැන්වීමකට අනුව එයට කතා කරද්දී එහි දුලීකා සහභාගී වන බව දැනගන්නට ලැබී තිබේ. පසුව
විමසා බලද්දි දුලීකා ඒ පිළිබඳ කිසිවක් දැන සිටියේ නැත.
මම ඔය දැන්වීමේ අංකයට කතා කළා. හොඳම වැඩේ කියන්නේ ඔවුන්ට මාව හඳුනා ගත නොහැකිව මටද
කිව්වා. දුලීකා මාරපන තමයි මේක මෙහෙය වන්නේ කියලා. ඔවුන් ගාව මගේ අංකයවත් නැහැ. මගෙ
පැමිණිල්ලට අනුව පොලිසියෙ දෙන්නෙක් ඒ පාඨමාලාව කරන තැනටත් යවලා තියෙන්නෙ. මං ඔවුන්
සමඟ කළ ඇමතුමක් පටිගත කළා. ආයෙ මෙවැනි තත්ත්වයක් ඇති නොවන්න මං ඉදිරියේ දී වග බලා
ගන්නවා.
- ප්‍රසාද්
|