|
|
වර්තමානයේ මම රඟපාන්න කැමැති නළු නිළියන් එක්කෙනෙක්වත් නැහැසම්පූර්ණ නම? අයේෂා නිරෝෂනී රොඩ්‍රිගෝ. භාවිතා කරන්නේ? අයේෂා රොඩ්‍්‍රගෝ කියලා. ගම? කඳාන. ඉගෙන ගත්තේ? කොළඹ විජයබා සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලවලින්. වෘත්තිය? ප්‍රධානම වෘත්තිය මෝස්තර නිරූපණය. ඊට අමතරව හොඳ චරිතයකට ආරාධනාවක් ලැබුණොත් රඟපානවා. ඒ වුණාට ඔබ වැඩිය රංගනයේ නියැලුණේ නැහැ? මම දෙරණෙ පිපෙන මල් නාට්‍යයේ රඟපෑවා. ඊට අමතරව මියුසික් වීඩියෝස්වල හිටියා. ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා. ඒත් ගියේ නැහැ. හේතුව? මට නිතර පේන චරිතයක් වෙන්නට ඕනෑ නැහැ. ඒ වගේම ඕනෑවට වඩා කාර්යබහුල වෙන්නත් මං ආස නැහැ.
ඔබ කියන්නේ පිපෙන මල් වලින් පසුව ඔබට යමක් කළ හැකි චරිතයක් ලැබුණේ නැහැ කියල ද? මම පහුගිය කාලේ නම් වැඩිය නාට්‍යවලට ගියේ නැත්තේ මගේ අධ්‍යාපන කටයුතු හින්දා. මම ෆැෂන් ඩිසයින්ස් පිළිබඳ හැදෑරුවා. ඒ වැඩවලට බාධාවක් වේවි කියලයි රංගනයෙන් ටිකක් ඈත් වුණේ මේ දිනවලදී රංගනයට ආරාධනාවක් ලැබුණොත් බාර ගන්නවාද? ඔව්. මම වඩාත් කැමැතියි සිනමාවට. හොඳ සිනමා කෘතියක හොඳ චරිතයක් කරන්න ආසයි. ඇයි ඔබට මෝස්තර නිරූපිකාවක් වෙන්නට හිතුණේ? මම පුංචි කාලේ ඉඳලා හිතාගෙන හිටියේ වෛද්‍යවරියක වෙන්න. ඒත් ඒ හීනය බොඳ වුණා. මම කොහොමත් මෝස්තර නිර්මාණකරණයට දක්ෂයි. හිතේ තිබුණ හීනයත් බිඳ වැටිච්ච එකේ නිකමට හිතුණා ඒක ගැන හදාරන්න. ක්‍රම ක්‍රමයෙන් මම ඒ පැත්තටම ගියා. අද වනවිට ඔබ ඉන්න තැන ගැන සතුටුද? මොකද නැත්තේ. මම හිතනවා මම දැන් මගේ හරිම ක්ෂේත්‍රයට ඇවිත් කියලා. මෝස්තර නිරූපිකාවකට ලංකාවේ ඇති පිළිගැනීම ඔබට දැනෙන්නේ කොහොමද? හොඳයි, ටිකයි. මොකද දන්නවද එහෙම කියන්නේ, අපේ මිනිස්සු මෝස්තර නිරූපිකාවක් දෙස බලන්නේ එක පැත්තකින් විතරයි. ඇත්තම කිව්වොත් වැරැදිමයි කියන්නේ. එහෙම නෙවෙයි, මේකත් වෘත්තියක්. අපි මුදල් හොයන්නේ වැරැදි විදිහට නෙවෙයි. ඒක නිසා හොඳ පැත්ත ගැන හිතන්න. මේ ක්ෂේත්‍රයට එන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් පසු වෙනවා. විශේෂයෙන් ගැහැනු ළමයි. නමුත් ඔවුන්ගේ මවුපියන් මේකට ඔවුන්ව එවන්නේ නැහැ? මම ඔය තත්ත්වය දන්නවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. වැරැදි කරන කෙනා කොහේ හිටියත් වැරැද්දට යොමු වෙනවා. ඒක කොයි ක්ෂේත්‍රයටත් පොදුයි. හැබැයි ඔය කියන තරම මොඩ්ලිං ක්ෂේත්‍රය නරක නැහැ. මම මේ ක්ෂේත්‍රයට එන අයට පොඩි උපදෙසක් දෙනවා. මොඩ්ලිං කරනවා නම් දැනගෙන ඒක කරන්න. නැත්නම් නොකර ඉන්න. මුදල් පසුපස යන්න එපා. එහෙම වුණොත් පැවැත්මක් නැහැ. ඔබ වැනි ඇහැට කනට පෙනෙන යුවතියන්ට අනන්තවත් වැරැදි යෝජනා එන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? වාසනාවට මට තවම එවැනි යෝජනා ඇවිත් නැහැ. මගේ හිත හොඳකම නිසා වෙන්න ඇති. ඒ වගේ යෝජනාවක් ආවොත් ඒකට එවෙලෙම මුහුණ දෙනවා. සාමාන්‍යයෙන් ඔබ ටෙලි නාට්‍ය බලනවාද? ඔව්. මේ දිනවල බලන ටෙලියක් දෙකක් කියන්න බලන්න? අඟුරු සිත්තම්. එහෙම ටෙලි නාට්‍ය නරඹද්දී ඔබට හිතෙන්නේ නැතිද මමත් ඒ වගේ නාට්‍යයක හිටියා නම් ජනප්‍රිය වේවි කියලා? මම හිතන්නේ ටෙලිවලම ඉන්න ඕනෑ නැහැ ජනප්‍රිය වෙන්න. ජනප්‍රියත්වය අවශ්‍ය කාලයේදී මාව සොයාගෙන ඒවි. එතකම් ඉවසගෙන ඉන්නවා. අයේෂා රඟපාන්න කැමැති නළුවකු ඉන්නවාද? වර්තමානයේ නම් මම රඟපාන්න කැමැති නළු නිළියන් එක් කෙනෙක්වත් නැහැ. ඒ කියන්නේ ඔබ ආස අපේ පැරැණි නළු නිළියන්ට? ඔව්. මම හරිම ආසයි විජය කුමාරතුංගට. මම ඒ කලේ හිටියා නම් එක සීන් එකකට හරි ඔහුත් එක්ක රඟපානවා. ඇයි අලුත් පරපුරේ නළුවන්ට ආස නැත්තේ? ඔවුනට පෙර පරපුරේ අයට තරම් අත්දැකීම් නැහැ. ඒක හින්දා එක තැන කොටුවීමක් දක්නට තියෙනවා. අලුත් පරපුරේ නළුවන් එකම විදිහට තමයි රඟපාන්නේ. විවිධත්වයක් නැහැ. අයේෂා අවසන් වතාවට නරඹපු චිත්‍රපටය කුමක්ද? ජුරාසික් වර්ල්ඩ්. ඔබ මේ වන විට පෙම්වතියක්ද? ඔව්. හැබැයි මට තවම ඔහුගේ නම කියන්න බැහැ. ඔහු කැමැති ද ඔබ මෝස්තර නිරූපිකාවක විදිහට වැඩ කරනවාට? කැමැතියි. අයේෂාගේ පවුලේ විස්තර කියමු? මමයි, අම්මයි, තාත්තයි, මල්ලියි. මල්ලිත් ක්ෂේත්‍රයට සම්බන්ධයි නේද? ඔව්. මල්ලි සඳරුවන් රොඩ්‍රිගෝ. ඔහු නළුවෙක්, මෝස්තර නිරූපණ ශිල්පියෙක්. අයේෂාගේ පෙට් නේම් එක මොකක්ද? අයේෂ් කියලා තමයි හැමෝම සුරතලේට කතා කරන්නේ. ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න. ටිකක් දඟයි, ඒ වුණත් අහිංසක කෙනෙක්.
|




