|
|
‘ගජබා’ ඉන්දියාවේ වාර්තා තබයි
බාහුබාලි නිසා දෙවැනි ස්ථානයට පත් වුණේ සුපිරි නළු රජිනි කාන්ත්ගේ එන්තිරන් චිත්‍රපටය. එය සම්පූර්ණයෙන් ඉපැයූ මුලද වුණේ ඉන්දිය රුපියල් කෝටි 290ක්. හින්දි බසින් හඬ කැවූ බාහුබාලි චිත්‍රපටයත් මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 50ක් උපයා තිබෙන්නේ හඬ කැවූ චිත්‍රපටයක් ලද ඉහළම ආදායම වාර්තා කරමින්. සල්මන් ඛාන්ගේ බජ්රන්ගි බයිජාන් චිත්‍රපටය ඉහළ ප්‍රසිද්ධියක් ලබාගෙන සිටින කාලයක බාහුබාලි හඬ කැවූ චිත්‍රපටයේ සාර්ථකත්වය විශිෂ්ට බව විචාරකයන්ගේ අදහසයි. පුරාවෘත කතාවක් ගෙන එන මෙම චිත්‍රපටයේ රාජ්‍යයක් වෙනුවෙන් සහෝදරයන් දෙදෙනෙකු සටන් වැදීම ගෙන එනවා. එස්. එස් රාජාමෝලි විසින් අධ්‍යක්ෂණය කළ බාහුබාලි චිත්‍රපටයේ තෙළිඟු සිනමාවේ ජනප්‍රිය ප්‍රකාශ්, රානා දන්ගුබාති, අනුෂ්කා ෂෙට්ටි, තමන්නා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. බාහුබාලි යන්නෙහි අර්ථය ශක්තිමත් අත යන්නයි. එනම් ගජබාහුය. |



ඉන්දීය සිනමාවේ වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කළ
Baahubali (බාහුබාලි) දැන් තවත්
වාර්තාවකට හිමිකම් කියනවා. පසුගිය 10 වැනිදා තිරගත වීම ආරම්භ කළ බාහුබාලි දින නවයත්
තුළදී ඉන්දීය රුපියල් කෝටි 300 ඉක්මවමින් දකුණු ඉන්දියාවේ ඉහළ ආදායම් ලද චිත්‍රපටය
බවට පත් වුණා.