|
|
ජාතික රූපවාහිනියෙන් ඔබ හමුවට පැමිණෙන අලුත්ම කොරියානු නාට්‍යය ‘ජනහිතකාමී රැජිනිය’
‘හිරු සඳු ආදරෙයි ’ කොරියන් නාට්‍ය මාලාවෙන් පසුව විකාශය වන මේ ‘ජනහිතකාමී රැජිනිය’ නාට්‍ය මාලාව දිග හැරෙන්නේ තම රට වැසියා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සිය ප්‍රේමය පවා අත්හළ සුන්දර රැජනක් පිළිබඳයි. පසුකාලීනව ‘සිල්ලා’ හි පාලිකාව බවට පත්ව සුවිශේෂී ජයග්‍රහණ රාශියක් අත්කර ගත් සියොන් ඩියොක් රැජනගේ ජීවිත කතාවයි මේ . මේ කතා මාලාවේ මාලා නාටකය සඳහා තිර රචනයෙන් දායක වී ඇත්තේ අතිශය ජනප්‍රිය වූ ‘සුජාත දියණිය’ කතා මාලාවේ තිර රචකයා වූ කිම් යන්ග් හියුන් වීමද විශේෂත්වයකි. මේ සුන්දර කොරියානු කතා මාලාවේ තේමා ගීතය ගායනා කරන්නේ සමන් ලෙනින් සහ දමයන්ති ජයසූරියයි. තනුව සංගීතය සහන් රන්වලගෙනි. තේමා ගීතය ලියන ලද්දේ ජාතික රූපවාහිනියේ හඬ දෙකැවීම් මැදිරියේ අදියුරු අතුල රන්සිරිලාල් විසිනි. |



ලාංකේය ජන හදවත් බැඳගත් සිංහලින් හඬ කවන ලද කොරියානු නාට්‍ය අතරට එක්වන අලුත්ම
කොරියානු නාට්‍යය ‘ජනහිතකාමී රැජිනිය’ හෙට (24 වැනිදා) සිට සතියේ සෑම දින පහේම සවස
6.30ට ජාතික රූපවාහිනියෙන් විකාශය වෙයි.