වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




සාමයේ අරුණැල්ල එළි දකී

සාමයේ අරුණැල්ල එළි දකී

සරසවිය පුවත්පතේ සිංහල සිනමා විස්තරය ගෙන එන ඇන්ටන් ජේ. ප්‍රනාන්දු විසින් ගීත රචනා සම්පාදනය කළ සාමයේ අරුණැල්ල සංයුක්ත තැටිය පසුගියදා එළි දක්වන ලදී. අගරදගුරු පදවි ජනසන්නිවේදන සහ සංස්කෘතික කේන්ද්‍රයේ ඉදිරිපත් කිරීමක් වන මෙහි ලතා වල්පොල, නන්දා මාලිනී, ටී. එම්. ජයරත්න, එඩ්වඩ් ජයකොඩි, කීර්ති පැස්කුවල්, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, නිරෝෂා විරාජිනී, රූකාන්ත ගුණතිලක, ලක්ෂ්මන් හිල්මි, පි‍්‍රයන්ත නාවලගේ, රාජු බණ්ඩාර, ජූඩ් රොගෑන්ස්, ශානිකා වනිගසේකර, සමන් මැක්සිමස් පියතුමා, ජූඩි ශ්‍රියානන්ද පියතුමා, මාරියෝ ආනන්ද, කෞශල සාරනාත් කෝනාර ආදීහු ගී ගයා තිබේ.

සාමයේ අරුණැල්ල හි බෙත්ලෙහෙමේ සහ උඳුවප් සීතේ යන පැරැණි ජනප්‍රිය නත්තල් ගීත යුගල ද අඩංගු වීම විශේෂත්වයකි. එම ගීත ධර්මරත්න සහෝදරයෝ විසින් ගායනා කරනු ලැබූහ. මෙම සංයුක්ත තැටියේ සංගීත නිර්මාණ අර්නස්ට් සොයිසා, රූකාන්ත ගුණතිලක, ප්‍රියන්ත නාවලගේ, ආනන්ද ගමගේ, රාජු බණ්ඩාර, ජූඩ් ශ්‍රියානන්ද පියතුමා, අශෝක කෝවිලගේ, මහින්ද බණ්ඩාර, මෙල්රෝයි ධර්මරත්න, ලක්ෂ්මන් හිල්මි, සෝමපාල රත්නායක, මහේෂ් ජයවර්ධන සහ මාරියෝ ආනන්ද ගෙනි.

සාමයේ අරුණැල්ල හි සියලු ආදායම් කිතුණු කලාකරුවන්ගේ සුබසාධන අරමුදල වෙනුවෙන් වෙන් කෙරේ.