වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලි - චිත්‍රපට රඟපෑවත් වැඩිය කැමැති වේදිකාවට

ටෙලි - චිත්‍රපට රඟපෑවත් වැඩිය කැමැති වේදිකාවට

සරසවිය හරහා රංගන වරම් ලද චානක මධුසංක

සරසවිය පුවත්පත හරහා රංගනයට පිවිසි පිරිස අනන්තයි. අප්‍රමාණයි. චානක මධුසංක කුමාරතුංග කියන්නෙත් සරසවිය නිසා රංගනයට පිවිසි නවක රංගන ශිල්පියෙක්. අපේ බොහෝ නළු නිළියන් වර්තමානයේදී වැඩිපුර රැඳෙන්නේ ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටවල. නමුත් චානක වැඩිපුරම කැමැති වේදිකා නාට්‍ය රඟපෑමට.

ලීල් ආනන්ද ගජනායක චානකට වේදිකාවෙ මුල් යුගයේදී බෙහෙවින් උදව් කරන්නේ මට මැරෙන්න බැහැ, රෝනා සහ රෝමය, පොදු වැසිකිලි, උන් මගේ දරුවෝ, කිරට හඬන දරුවෝ චානක රඟපාපු වේදිකා නාට්‍ය කිහිපයක්. ඒ වගේම පිණි වැස්සක්, තෙවැනි ඇස, යාය 4 වැනි කෙටි නාට්‍යවල ඔහුගේ රංගන හැකියාව අප දුටුවා.

මගේ ගම කුරුණෑගල. එහෙ ඉඳලා කොළඹ ආවේ කලා ක්ෂේත්‍රයට කොහොම හරි එනවා කියලා හිතාගෙන. ඔය අතරතුරදියි සරසවිය වරමින් රඟපාන්න පිවිසුණේ. වේදිකාව මා බෙහෙවින් ප්‍රිය කළ නිසා ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවල රඟපෑවත් දිගින් දිගටම වේදිකාවේ රැඳුණේ. මේ දිනවල උපාලි කීර්තිසේනගේ සල්ලි වේදිකා නාට්‍ය සමඟින් රට වටා යනවා.

මම එහි මුලින්ම රඟපෑවේ මාර්ටින් කියලා චරිතයක්. පසුව මාර්ටින්ගේ පුතා වන කමල් හැටියට රඟපෑවා. දිගින් දිගටම ඒ චරිතයම තමයි කළේ. පසුගිය වසරේ අපි සල්ලි සමඟ මුලතිව් නොච්චියාගම වැනි ප්‍රදේශවලට ගියා. එහිදී නාට්‍ය රඟ දැක්වූවායින් අනතුරුව මිනිස්සු ඇවිත් අපව වට කර ගත්තු විදිහ අමතක කරන්න බැහැ. මේ හේතුව නිසා මම හරිම ආසයි වේදිකාවේ රඟපාන්න.

මේ කෙටි කාලය අතරතුර මට සම්මාන දෙකක්ම ලැබුණා. ඉන් පළමුවැන්න සරසවි ප්‍රසාද සම්මානය. මෙය මට ලැබුණේ ලීල් ආනන්ද ගජනායක සර්ගේ නාට්‍ය නිර්මාණවලට මා දැක් වූ දක්ෂතාවය නිසා. දෙවැන්න ලැබුණේ සල්ලි වේදිකා නාට්‍යයේ චරිතය වෙනුවෙන්. නාවුක හමුදාව මඟින් ලබා දුන් එම සම්මානයත් මට අමතක වන්නේ නැහැ.

ඉදිරියේදී මම ඉන්න නාට්‍ය කිහිපයක්ම විකාශය වීමට නියමිතයි.

රංගනයේ යෙදුණත් මෝස්තර නිරූපනයට මෙන්ම නිවේදනයට ද තමන් ප්‍රිය කරන බව චානක අවසන් කොට කිව්වා. මේ ඔහුගේ දුරකතන අංකයයි. 0715700118.