වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




නිරෝෂාගේ ආටක නාටක

නිරෝෂාගේ ආටක නාටක

නව පරපුරේ රංගන ශිල්පිනියක වන නිරෝෂා මෛත්‍රී මහරගමදී නොසිතූ විරූ ඇබැද්දියකට මුහුණ දෙන්න සිදු වෙලා. මේ දිනවල විකාශය වන ආටක නාටක හින්දා නිරෝෂා සෑහෙන්න ජනප්‍රියයිනේ. මහරගම තියෙනවානෙ ඇමටිලයිට් කියලා සිනමාහලක්.

පසුගිය දවසක නිරෝෂා එහි චිත්‍රපටයක් නරඹන්න ගිහින් චිත්‍රපටයට වෙලාව තියෙන නිසා ආපන ශාලාවට ගිහින් තියෙන්නේ මොනව හරි කන්න හිතාගෙන. එතන ඉඳලා තියෙනවා තරුණයො කණ්ඩායමක්. ඔවුන් නිරෝෂා දැකලා ළඟට ආවලු.

ඇවිත් නිරෝෂාගෙන් ප්‍රශ්න අහන්න පටන් අරගෙන. ආටක නාටක ගැන තමයි වැඩිපුරම අහලා තියෙන්නේ. ඒ වෙන කොට නිරෝෂා කන්න ගත්තු ආහාරවලින් කොටසක් ඒ ආපු අය කාලා. ඒ මදිවට තවත් කෑම ඕඩර් කරනවාලු.

බැරිම තැන නිරෝෂා කෑම පැත්තකින් තියලා තමන්ගේ බිල ගෙවලා යන්තම් එතැනින් මාරු වුණාලු. නිරෝෂා පුදුම කේන්තියකින් ඉඳලා තියෙන්නේ මේ සිද්ධිය ගැන. පසුව හොයා බලද්දී නිරෝෂගේ යාළුවෙක් තමයි අර තරුණ පිරිස නිරෝෂා ගාවට එවලා තියෙන්නේ. නිරෝෂා පවසන පරිදි එය දීර්ඝකාලීන ප්ලෑන් එකක්ලු. කොහොම නමුත් නිරෝෂා තවමත් ඒ මිතුරාට දෙහි කපන බවයි දැනගන්නට ලැබෙන්නේ.