වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




භාෂිනීගේ අගේ

භාෂිනීගේ අගේ

අප ජනප්‍රිය ඡායාරූප ශිල්පියකුට නිළියක් ෆොටෝ ගන්න එනවා කියලා ලොකු ලණුවක් දීලා. ඉතින් ඒ ඡායාරූප ශිල්පියා කල්පනා කරනවාලු දැන් ඒ දිනයට ඇය වෙනුවට කවුද ගන්නේ කියලා.

දන්න දන්න හැමෝටම කතා කර කර අද දවල් වෙන කොට ෆොටෝස් ටිකක් ගන්න ලැහැස්ති වෙන්න පුළුවන් ද යන වග ඇහැව්වලු. හැමෝම බැහැ කියලා. එකම එක්කෙනයි කැමැත්ත දීලා තියෙන්නේ. ඒ වෙනින් කවුරුවත් නොවෙයි ශ්‍රී එෆ් එම් හි ජනප්‍රිය නිවේදිකාවක වන භාෂිනී සමරසිංහයි.

මට ඔය අනිත් අය වගේ ලැහැස්ති වෙන්න වෙලා යන්නේ නැහැනෙ. දැන් ෆොටෝ ගමු ද කියලා ඇහැව්වොත් මං බෑ කියන්නේ නැහැ.

භාෂිනී නම් කියන්නේ එහෙමයි. පසුගිය දිනවල ඇයගේ රුවින් සැරසුණු මුල් පිටු කිහිපයක්ම අප දුටුවා. ඒවායින් බොහොමයකට භාෂිනී පෙනී ඉඳලා තියෙන්නේ පෙර සූදානමකින් තොරවයි. ඇයගේ සරලකම ගැන අගය කරන ගමන් අප ඡායාරූප ශිල්පියා භාෂිනීගේ කාර්යාලයටම ගොස් ඡායාරූප ලබා ගත්තලු.