වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

පැන යෑමට මඟක් නොමැති ද මේස් රනර්

(THE MAZE RUNNER)

ඩිලාන් ඕ බ්‍රයන්, පැමිල් අචීත්, කී හොන්ග්ලි, බ්ලේක් කුපර්, වීල් පොල්ටර් වැනි ජනප්‍රිය නළු නිළියන් පිරිවරා ගෙන තිරගත වන මේස් රනර් ජනප්‍රිය නවකතාවක් ආශ්‍රයෙන් තැනූ චිිත්‍රපටයකි.

ග්ලේඩිස් කණ්ඩායම පලා යාමට මඟක් සොයා ගත නොැහකි චලනය වන මාර්ගයක සිර වී සිටියි. මෙයින් ගැලවීමට මඟක් සෙවීමට ඔවුන් දිනපතා නොයෙකුත් උපක්‍රම යොදති. එහෙත් ඒවා පිළියමක් නොවේ.

මේ අතර ග්ලේඩ් නැමති තරුණිය ඔවුන් සිටින ප්‍රදේශයට පැමිණීම විශ්මය දනවන ක්‍රියාවකි. ඇයගේ පැමිණීමත් සමඟ තත්ත්වය උඩු යටිකුරු වෙයි.

මෙවන් තේමාවක් රැගත් මේස් රනර් ත්‍රාසය සහ භීතිය රැගත් හොඳ රසවින්දනයක් ලබාගත හැකි චිත්‍රපටයකි.

මේස් රනර් වෙස් බෝල් ගේ අධ්‍යක්ෂණයකි.

සංග්‍රාමයේ නිමාවක් නොමැත
 

සිං සහාබ්

(SINGH SAAB)

සිං සහාබ්, ගදාර්, ඒක් ප්‍රේම් කහානි වැනි ජනප්‍රිය හින්දි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සුනිල් ශර්මාගේ අධ්‍යක්ෂණයකි.

ශක්තිමාස්ගේ රචනයක් වන මෙහි සංගීතය ආනන්ද් රාජ් ආනන්ද් ගෙනි. තේමා ගීතය සෝනු නිගම්ගෙනි.

සනි ඩියොල් සිං සහාබ් ලෙස අපූර්වතම රංගනයක නිරත වන මෙම හින්දි චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටයකි. සනී ඩියොල් සමඟ අම්රිතා රාඕ, උර්වසි, ප්‍රකාශ් රාජ්, ජොනි ලීවර්, රජිත් කපූර් මෙහි චරිත මවති. ධර්මේන්ද්‍ර සහ බොබි ඩියොල් සිං සහාබ් සඳහා ගරු රඟපෑමෙන් එක් වෙයි.
 

මෝසාකුට්ටි

(MOSAKUTTI)

ජනප්‍රිය ආදර කතාවක් වූ මෝසාකුට්ටි මේ වසරේ තිරගත වූ ජනප්‍රිය දෙමළ චිත්‍රපටයකි.

වීරා මහිමා නම්බියාර්, ජෝ මල්ලුරි, එම්. එස්. භාෂ්කර්, මීනාය, පසුපති රඟන මෝසාකුට්ටි රමේශ් විනයකම් විසින් සංගීතවත් කරන ලදී.

එම්. ජීවන් අධ්‍යක්ෂණය කර ඇති මෝසාකුට්ටි නිෂ්පාදනය ජෝන් මැක්ස්ගෙනි.
 

නෝ ටියර්ස් ෆෝ ද ඩෙඩ්

(NO TEARS FOR THE DEAD)

මාෆියා සංවිධානයක සගයකු වන ගුන් නැමැත්තා අතින් අත් වැරදීමකින් කුඩා දැරියක් ඝාතනය වේ. ඔහු තුළ කිසි විටකත් එම දැරිය ඝාතනය කිරීමට අපේක්ෂාවක් නොවීය. එය ඔහුගේ ජීවිතයේ කඩඉමක් විය. ජීවිතය දෙස ආපසු හැරී බැලීමට ඔහුට එය අවස්ථාවක් විය. එහෙත් භීෂණයටම උපන් මාෆියා සගයකුට මරණයක් වෙනුවෙන් සෙලවීමට කඳුළු නොමැත.

ජෙනිෆර් බුටෙල්, යෝ හැන් බුන්, ඇලෙක්සැන්ඩර් කුමෝ, ඩැරල් එම් ඩේවි, ඩානා ලී හි වොන් තිච් රඟන සේ ටියර්ස් ෆෝ ද ඩෙව් අධ්‍යක්ෂණය සුප්‍රකට කොරියානු සිනමාකරු ජයෝස් බියෝම් ලී ගෙනි.

කාඩු

(KAADU)

ස්ටාර්ලිං රාමලිංගම් අධ්‍යක්ෂණය කර ඇති කාඩු නව පරපුරේ නළු නිළියන් පිරිවරාගෙන තැනූ දෙමළ චිත්‍රපටයකි.

විද්හාර්න් සම්ස් කුරුති, ශෝසේයි, සමුද්‍රන්, තම්බි රාමයියා, සිංහම් පුලි, හරි ආදීහු කාඩු චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී ඇත.

ගට්ෂොට් ස්ට්‍රේට්

(GUTSHOT STRAIGHT)

ක්‍රියාදාම නළු ස්ටීවන් සීගල් සමඟ ජෝර්ජ් ඊඩ්ස්, අන්නාලේච් මැසේර්ඩ්, විනි ජෝන්ස් සහ ස්ටෙෆස් ලෑන්ග් ගට්ෂොට් ස්ට්‍රේට් ජස්ටින් ස්ටීල්ගේ අධ්‍යක්ෂණයකි. ක්‍රියාදාම චිත්‍රපටයක් වන ගට්ෂොට් ස්ට්‍රේට් දේශපාලන සිදුවීමක් පාදක කර ගත්තකි.
 

ඔහුගේ ආත්මය ඇය ආරක්ෂා කරයි

සහිනයකි ජීවිතේ

සංජනා පීරිස්, අකිල සඳකැළුම්, රශ්මි පුෂ්පිකා, දයාසිරි හෙට්ටිආරච්චි, සුනෙත් මැල්සිරිපුර, චලනි බාලසූරිය, ප්‍රින්ස් වික්‍රමනායක, භාතිය මදනායක රඟන සිහිනයකි ජීවිතේ සිංහල ඩී. වී. ඩී. චිත්‍රපටයකි.

කල්යාණ චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කර ඇති සිහිනයකි ජීවිතේ තිර රචනය නිහාල් බණ්ඩාර ජයතිලකගෙනි.

පසුබිම් සංගීතයෙන් සරත් වික්‍රම ද, කැමරාකරණයෙන් දයා සූරියආරච්චි ද, වේශ නිරූපණයෙන් ගාමිණී කොස්තා ද, සහාය අධ්‍යක්ෂණයෙන් ජීවන් බණ්ඩාර ද, තේමා ගීතය ගායනය සහ සංගීතය කිත්සිරි පෙරේරා ද දායක වී ඇති සිහිනයකි ජීවිතේ ඩී. වී. ඩී. චිත්‍රපටයේ නිෂ්පාදනය ඒ. පාරිස්ටර් ගෙනි.

ඩී. වී. ඩී. අනුග්‍රහය

නීරෝ සී. ඩී. හවුස්

මල්වත්ත පාර