|
සුමිත්‍රා පීරිස්ට ආසිරි
ප්‍රංශ රජය මඟින් පිරිනමන චෙවලියර් ජාත්‍යන්තර සම්මානය විශිෂ්ට සිනමාවේදිනී
සුමිත්‍රා පීරිස් වෙත පිරිනමා තිබේ. ඒ වෙනුවෙන් අප ප්‍රීති ඝෝෂා කළ යුතුය. වියානි ගුණවර්ධන ශීලා වැන්ඩර්ලන් වෙන්නප්පුව
සම්මානයක් හිමි විය යුත්තේ අනිවාර්යයෙන්ම සුදුසුම පුද්ගලයකුට වේ. සුමිත්‍රා පීරිස්
මහත්මිය ප්‍රංශ රජයේ චෙවලියර් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබීම එවන් අවස්ථාවකි. සෝමා එච්. පතිරණ පන්සල පාර, කහවත්ත
අම්මා අලුත්
උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා නවකතාව ටෙලි සිත්තමක් ලෙසින් අපට දායාද කළේය. එය අපගේ
සිත් සතන්වලට නැවුම් අත්දැකිමක් වේවි. සුනිල් බී. වේහැල්ල ගෝනපොළ
ජයන්තට ස්තූතියි
සිංහල සිනමාවේ අභිවෘද්ධිය සඳහා තුන්වැනි වරටත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරය
භාරගත් ජයන්ත ධර්මදාස මහතාට අපගේ ගෞරව ස්තූතිය. තිලකරත්න විල්වල කෑගල්ල තටාකය පාර
දෙන්නම් පොරොන්දුව කිසිදා කඩ නොවනසිංහල චිත්‍රපට නාමයන් එකතු කොට වත්තල හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ අපට එවූ පැදි පෙළකි මේ.
සුන්දර බිරිඳ සුවිනීත ලාලනියක්ය
සිරිමලී හිසෙ අරලිය මල් ගසාගෙන
නීලනයනා හුලවාලිය අපේ රත්ති
අල්ලපු ගෙදර ඉන්නා චිංචිං නෝනා
චන්දික තාත්ත්විකයි
දේදුනු ටෙලි නාට්‍යයේ චන්දික නානායක්කාර ඉතාම තාත්ත්විකව රඟපානවා. කුමුදු ලියනගේ සුදුවැල්ල මාදම්පෙ
පැරැණි තරු සමඟ රන්
පැරැණි සැබෑ සුපර් ස්ටාර්ලාගේ ගීත අසන්නට නම් රන් ගුවන් විදුලිය ඇසිය යුතුමයි.
ඔවුන් පැරැණි ගායකයන්ව අගය කිරීම සතුටකි. නිමල් කුලසේකර අඟුලාන
අපේ ස්තූතිය
අපි උපන් දිනයට නළු නිළියන්ට දුරකථනයෙන් සුබ පතනවා. සමහර අය කාරුණිකව ප්‍රතිචාර
දක්වනවා. ඔවුන් අතර සංකේත්, සුරේන්ද්‍ර, නිරෝෂන්, සරත් කොතලාවල විශේෂයි. නන්දා ලියනගේ මහවැව
ගල්කනු වැනි නළුවන්
ටෙලි නාට්‍ය නිර්මාණකරුවන් ඉදිරිපත් කරන ටෙලි නාට්‍යවල රඟන ඇතැම් නළුවන් ගල්කනු
වැනිය. රඟපෑමක් නැත. දෙබස් කීමක් පමණි. සුනිල් චන්ද්‍රසේකර යාගොඩමුල්ල කොටුගොඩ
තීර්ථතරණයේ මාධනී
සැමියා අහිමි වැන්දඹු මවක් විසින් තම දියණියන් තිදෙනාගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා
සංවේදී සිතින් යුතුව මුහුණ දෙන අයුරු මාධනී මල්වත්ත විසින් තීර්ථතරණය ටෙලි සිතුවම
තුළින් හරි අපූරුවට රංගනයෙන් ඉදිරිපත් කරයි. එච්. ඉන්ද්‍රපාල සංඝමිත්තා මාවත මුංහේන
සිටි FM ට ප්‍රණාම
වසර විසිපහක දිගු ගමනක් පැමිණ සිටි FM ගුවන් විදුලිය ශ්‍රාවක සිත් සනසන හරවත්
වැඩසටහන් තිළිණ කරන නාළිකාවකි. එදා මෙදාතුර ශ්‍රාවකයන්ට වඩාත් සමීප වූ සිටි
FM
ගුවන් විදුලියට අපගේ ප්‍රණාමය. කිත්සිරි ගුණසේන කොලොන්නාවේ විජේසිරි බදුල්ල කන්දෙගෙදර
මීළඟ පැතුම
එදා වීරයන් බිහි කළ සිංහල සිනමාවේ වර්තමාන ඒ හිදැස සපුරන්නට ඉන්නේ සුපර්සික්ස් හරහා
සපැමිණි හේමාල් රණසිංහයි. ශ්‍රී ලාංකේය කලා රසිකයන්ගේ මීළඟ බලාපොරොත්තුව ද වන්නේ
ඔහුගේ අති සුවිශේෂී රංගන පෞරුෂයයි. පෙම්වතා, වීරයා, විකටයා යන අංශයන් තුළින් ඔහු
වඩාත් සුදුසුකම් ලබන්නේ වීරයාගේ භූමිකාවටය. ඉදිරියේදී නිර්මාණය වීමට නියමිත ඉරා
සිනමා සිතුවමේ රාවණා රජුගේ චරිතයෙන් ඔහුගේ සුරු විරුකම් ඔප් නංවනු ඇතැයි අප
බලාපොරොත්තු වෙමු. සුනිල් විජේසිංහ මතුගම
S.M.S.
පොඩි ළමයින්ටත් බොරු උගන්වලා වෙළෙඳාම සරු කරගන්න දඟලන වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන
වෙළෙඳ ආයතන වෙතටයි මේ කියන්නේ. දැන් රටේ මිනිස්සු ටී. වී. වල පෙන්නන හැම දේම ගන්න
තරම් මෝඩ නැහැ. දීපිකා අවිස්සාවේල්ල
නෙත් ගුවන් විදුලියෙන් සෑම උදෑසනකදීම ප්‍රචාරය වන බැලුම්ගල ඉතාම අර්ථවත් මෙන්ම
කාලෝචිත වැඩසටහනකි. සරත් මද්දුමආරච්චි සමන්තිකා මද්දුමආරච්චි වෑත්තෑව
කුමාර සංගක්කාර වෙළෙඳ දැන්වීම් තුළින් ඉදිරිපත් කරන රංගනය ඉතාමත් සිත් ගන්නා සුළුය.
ඔහුට රඟපෑමේ හැකියාව මනාව පිහිටා ඇත. ක්‍රීඩාවෙන් සමුගත් දිනෙක ඔබ රංගනයට
පිවිසෙන්න. එමඟින් ඔබට දිගු ගමනක් යා හැකිය. ආනන්ද වික්‍රමආරච්චි ඉහළ තල්දූව
බිමල් අයියේ, නිශාදි ග්‍රෑන්ඩ්පාස්
සීදූව සකුරා බෑන්ඩ් එකට එළියක් දුන්නේ ජූඩ් සහ චන්දන යන දෙදෙනා නිසාය. අසංගිකා කුරුණෑගල
මගේ ජීවිතයේ හමු වූ හොඳම මිතුරිය ඔබයි ජින්ජර් අක්කේ. ඔබේ සංවේදීකම, විවෘත බව මම
අගය කරමි. ඔබ තමයි මගේ ජීවිතයට හොඳ නරක කියා දෙන්නේ. ජින්ජර් අක්කේ ඔයාට වරදින්නේ
නැහැ. සදා ජය. මේ ඔබේ මිතුරි නිලූ දෙහිවල
කලාවත්, සිනමාවත් එක සේ දික් විජය කළ ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක, යසපාලිත
නානායක්කාර, එම්. එස්. ආනන්ද, ලෙනින් මොරායස්, හේමසිරි සෙල්ලප්පෙරුම, උදයකාන්ත
වර්ණසූරිය, රෝයි ද සිල්වා, ප්‍රසන්න විතානගේ, සුනිල් ටී, සුගත් සමරකෝන්, සෝමරත්න
දිසානායක ඇතුළු සිනමාවේදීන්ගේ සිදුවන, සිදු වූ මෙහෙය අදටත් කවදත් මිළ කළ නොහැකිය. චතුරංග සම්පත් තුන්තැන
එක්තරා නාලිකාවක සවස සිංහල චිත්‍රපට පෙන්වමින් තිබුණා. නමුත් ළඟදී ඉඳලා ඒ වෙලාවට
විකාශය වන්නේ විදෙස් චිත්‍රපට. අපේ සිනමාව අපට වටිනවා. අලුත් පරම්පරාවට දැක
ගැනිමටත් එක්ක සතියේ දවස්වල සුපුරුදු පරිදි සිංහල චිත්‍රපට පමණක් පෙන්වන්න. නිරෝෂ් සිංහරාජ කලවාන
පසුගිය ඉරිදා දිනෙක සිත් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කළ මිල්ටන් පෙරේරාගේ චිත්‍රපට
ගී වැඩසටහන අපූරුයි. රත්න කහඳව අලව්ව
අලුත් පරපුරේ නළු නිළියෝ අපට එපා. පැරැණි චිත්‍රපට නළු නිළියෝ යොදා ටෙලි නාට්‍ය
නිර්මාණය කරන්න. එතකොට අඩුම ගානේ ඔවුන්ගේ රුව බලාවත් සැනසෙන්න පුළුවනි. සුරංගා වැල්ලවත්ත
ඓතිහාසික චිත්‍රපට දැන් ඇති කියා සිතෙනවා. මොකද ඕනෑම දෙයක සීමාවක් තියෙන්න ඕනෑ. අපට
බැරි ඇයි අලුත් කතා ඇසුරෙන් චිත්‍රපට හදන්න. ඇයි අපේ නිර්මාණකරුවන් මෙච්චර මොට්ට. කවිඳු වතුරුගම
දීකිරි දීකිරි ගීතය රීමික්ස් කළා නම් නව පරපුරේ අයටත් රස විඳින්නට පුළුවන් වේවි. ඒ
ගීතය පමණක් නොව වේදිකා නාට්‍ය ගීත රීමික්ස් කොට කුමන හෝ නිෂ්පාදකවරයකු ඉදිරිපත් වී
තැටිගත කොට වෙළෙඳපොලට නිකුත් කරන්න. වාසනා අලව්ව
යශෝධා විමලධර්මට සම්පත් බත්තරමුල්ල
වර්තමානයේ බොහෝ නිළියන්ට කලාව තුළ ස්ථාවරයක් නැත්තේ හැදෑරීමකින් තොරව ක්ෂේත්‍රයට එන
නිසයි. ඉඳුනිල් පානදුර
හිතන ගමන්
|