වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




ඉස්පිරිතාලේ රිහසල් එකට

ඉස්පිරිතාලේ රිහසල් එකට

රෙක්ස් කොඩිප්පිලිට දැන් අවුරුදු හැත්තෑ පහක්. ඒ වුණත් ඉන්නෙ නම් කොල්ලෙක් වගේ. රෙක්ස්ව ඉස්පිරිතාලයක් ළඟ දකින්ට ලැබෙන්නෙ කලාතුරකින්. ඒ ඔහු ඉතාම නිදුක් නිරෝගී පුද්ගලයකු හින්දයි. නමුත් රෙක්ස් කිහිප දවසක්ම නවලෝක රෝහල ගාව ඉන්නවා කියලා අපට දැනගන්නට ලැබුණා. තමන්ගෙ අනන්‍යතාව තියන තොප්පියකුත් පැලඳ රෙක්ස් නවලෝකෙ අවට සැරිසරන්නෙ ඇයි? හදිසියේ ඔහුට අසනීපයක්වත් වැළඳුණාද?

රෙක්ස් අයියේ, ඔයාට කොහොමද? මොකද මේ නවලෝකෙ පැත්තේ නිතරම යන්නේ? මුකුත් අසනීපයක්වත්ද?

බැරිම තැන අප ඔහුට දුරකථන ඇමතුමක් දුන්නා.

පිස්සුද මල්ලී. මම හොඳින්.

එහෙනම්, ඉස්පිරිතාලෙ ඉන්නවා දකින්නේ?

ආ...... මේ දවස්වල එහෙ පොඩි රිහසල් එකක්?

රිහසල් එකක්? ඉස්පිරිතාලෙ?

නැතුව, නැතුව. රිහසල් එක රිදී රැයක් ප්‍රසංගයේ. සිනෙස්ටාර් පදනම මඟින්නෙ එය පවත්වන්නේ. ඉතිං එහි සභාපති ජයන්ත ධර්මදාස මහත්තයාගෙ තැන තමයි රිහසල් තියෙන්නේ. ඒකයි මං නවලෝකෙ නිතර යන්නේ.