සුමිත්ගේ ‘රජවත්ත’ වැඩ අවසන්
සුමිත්ගේ ‘රජවත්ත’ වැඩ අවසන්
සුමිත් ගල්හේන අධ්‍යක්ෂණය කරන නවතම ටෙලි සිතුවම වන රජවත්ත හි පළමු අදියරේ රූපගත
කිරීම් සහ සංස්කරණ කටයුතු අවසන් වී තිබේ.
ක්ලීටස් මෙන්ඩිස්, අයිරාංගනී සේරසිංහ, රොෂාන් පිලපිටිය, රෙබෙකා නිර්මලී, චන්දික
නානායක්කාර, ගයේෂා පෙරේරා, නිලන්ති විජේසිංහ, සරත් චන්ද්‍රසිරි, සුසිලා කෝට්ටගේ,
චංචලා වර්ණසූරිය, රෙහෙන්සිරි වරාගොඩ, සම්පත් ජයවීර, සංජු රොඩ්රිගෝ, කුමුදුනී
අධිකාරී, ලසන්ත උඩුකුඹුර, ඩිලානි නිකහැටිය, ප්‍රේමදාස විතානගේ, අවන්ත පෙරේරා, අදීශ
කාංචන, නිරෝෂා මෛත්‍රී, උදාෂිණි රත්නායක, රනිල් කොතලාවල, ජගත් ධීරසිංහ, ෂර්ලි
විජේසිංහ, ඉඳුනිල් අබේසිංහ, ධම්මික අබේරත්න, රජවත්ත හි නළු නිළි කණ්ඩායමයි.
ෆර්හාන් ෂාන්ගේ සංගීත අධ්‍යක්ෂණයකි. සුමිත් කුඩලිගම කලා අධ්‍යක්ෂවරයාය. ශෙහාන්
ඉද්දමල්ගොඩ සහාය අධ්‍යක්ෂණයෙන් ද, නදීප් නිරෝෂන් සහ පීි . කේ. ලෙනාඩ් කැමරාකරණයෙන්
ද රුවන් නෙරංජන නිෂ්පාදන කළමනාකරණයෙන් ද, තිසර සමන්ත බණ්ඩාර සංස්කරණයෙන් ද රජවත්ත
හා එක්ව සිටියි.
ගීත රචනය උපාලි බණ්ඩාර වීරසේකරගෙනි. චම්පා කල්හාරි තේමා ගීතය ගායනා කොට ඇත. රචනය
සංජීව සමරවීරගෙන්ය. රජවත්ත ශ්‍රීනාත් චම්පික පෙරේරාගේ නිෂ්පාදනයකි.
- ප්‍රසාද්
තිලක කුඩා හෙට්ටිගේ
‘ප්‍රතිපදා’ 27 දා එළිදකී
‘අටංපහුර’, ‘අකාල මේඝය’, ‘දුර්ග තරණය’ කෘති ලියූ තිලක කුඩාහෙට්ටිගේ නවතම පරිවර්තන
කෘතිය ‘ප්‍රතිපදා’ නමින් මෙම මස 27 වැනිදා සෙනසුරාදා පෙරවරු 10.00 ට මරදාන දයාවංශ
ජයකොඩි සහ සමාගමේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී එළිදකී.
තිලානි
යූ. ධනවංශගේ
‘මනප්පු’
මීරිගමට එයි
යූ. ධනවංශගේ ‘මනප්පු’ වේදිකා නාට්‍යය මෙම මස 20 වැනිදා මීරිගම යොවුන් රඟහලේදී
වේදිකා ගතවේ. මෙහි රංගනයෙන් කුසුම් පෙරේරා උදය කුමාරි, අසංග පෙරේරා, කුමුදුනී
අධිකාරි සමඟ යූ. ධනවංශ සහභාගි වෙති. වේශ නිරූපණයෙන් ප්‍රේම් ජයන්තද, රංගාලෝකයෙන්
තරු සුපර් ලයිට් ද ශබ්ද පරිපාලනයෙන් දයා සවුන්ඩ් ද නිෂ්පාදන කළමනාකරණයෙන් රාජා කේ.
සෙනවිරත්න සහ එස්. සමන් වීරකෝන් ද මනප්පු සඳහා දායක වෙති. සංගීතය ශ්‍රී ලාල්
ලියනගේගෙනි. පස්යාල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සුබසාධක සංගමයට ආධාර පිණිස මනප්පු
වේදිකා ගත වේ.
තිලානි ශානිකා.
‘ස්ත්‍රී බලය’ තේමා කරගත්
කෙටි චිත්‍රපට තරගයක්
බර්නඩින් සිල්වා මහත්මිය සහ ඇය විසින් සාමය , සමාජ සාධාරණත්වය මෙන්ම සිවිල්
අයිතිවාසිකම් වෙනුවෙන් කරන ලද කීර්තිමත් සේවය අනුස්මරණය කරනු පිණිස කාන්තා අධ්‍යාපන
සහ පර්යේෂණ කේන්ද්‍රය මගින් කෙටි චිත්‍රපට තරගයක් පවත්වනු ලබයි.
මෙම නිර්මාණයන් සඳහා ‘ස්ත්‍රි බලය’ තේමා කරගනිමින් ස්ත්‍රිය විසින් සිය ජීවිතය සහ
සමාජය තුළ දක්වමින් සිටින විවිධ භූමිකා අන්තර්ගත විය යුතු බවට සංවිධායක මණ්ඩලය
දන්වා සිටයි. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0112595296 හෝ 0112590985 යන අංකවලින්
විමසිය හැකි අතර නිර්මාණ මෙම මස 31 වැනිදාට ප්‍රථම කාර්යාල වේලාවන් තුළ දී කොළඹ 06
ධර්මාරාම පාර අංක 58 දරන ලිපිිනයෙහි පිහිටි කාන්තා අධ්‍යාපනික හා පර්යේෂණ
කේන්ද්‍රයට ගෙනැවිත් බාර දිය යුතුයි.
- ප්‍රසාද්
කොළඹ පොත් සංගමය වාර්ෂිකව පවත්වන
ඉංග්‍රීසි තරගාවලියේ
නිර්මාණ භාර ගැනීම 22 වැනිදායින් අවසන්
ළමයින්ගේ ඉංග්‍රීසි භාෂා භාවිතය යන අවබෝධය වර්ධනය කිරීම පිණිස කොළඹ පොත් සංගමය
මඟින් වාර්ෂිකව පැවැත්වෙන ඉංග්‍රීසි දින තරඟාවලියට නිර්මාණ භාරගැනීම මෙම මස 22
වැනිදා දිනයේ අවසන් වේ.
ඉංග්‍රීසි රචනා සහ අත් අකුරු තරගවලට දිවයින පුරා සිටින ළමයින්ට ඉදිරිපත්වීමේ
අවස්ථාව ඇති අතර අනෙක් වාචික තරඟ සඳහාද ඉදිරිපත් වන ළමයින් මෙම මස 28 වෙනිදා කොළඹදී
පැවැත්වෙන තරඟ සඳහා සහභාගි විය යුතුය. වසය අවුරුදු 18 අඩු සියලුම ළමයින්ට මේ තරඟ
සඳහා ඉදිරිපත් විය හැකිය. 0718153788 දුරකතනයට ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට
හැකියි.
තිලානි
සිනෙ රූ ගී සරණියට සැඩ සුළං
සරසවිය පුවත්පතත් සිංහ ගුවන් විදුලි නාලිකාවත් අත්වැල් බැඳ ආරම්භ කළ සිංහල සිනමාවේ
තොරතුරු රැගත් ‘සිනෙ රූ ගී’ වැඩසටහනෙහි මෙවර කතා බහට ලක්වනුයේ ටී. සෝමසේකරන් විසින්
අධ්‍යක්‍ෂණය කළ ‘සැඩ සුළං’ චිත්‍රපටයයි. අතිශය ජනපි‍්‍රය ගීත 19 කින් සමන්විත මෙම
විචිත්‍රවත් සිනමාපටය භාරතීය ගීත කෝකිලාව එනම් ලතා මංගේෂ්කාර් ගී ගැයූ එකම සිංහල
චිත්‍රපටය වේ.
ප්‍රේම් ජයන්ත්, ෆ්ලොරිඩා ජයලත් ඇතුළු එකල ජනපි‍්‍ර නළු නිළියන් රැසක් රඟන මෙහි
සංගීත අධ්‍යක්‍ෂණය දක්‍ෂිණ මූර්ති ගෙනි.
සිනෙ රූ ගී නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම අනූෂා රණසිංහ විසිනි. මෙය 20 වැනි
සෙනසුරාදා දහවල් 12.30 සිට සවස 4.00 දක්වා සිංහ ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය වේ.
ප්‍රසාද්
|