|
|
රජරටින් කලා ලොවට ආ සුමිත්
පසුව 2004 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ ‘සොරු ඇවිල්ලා’ නමින් නාට්‍යයක් නිර්මාණය කරන ඔහු එහිද හොඳම නළුවා ඇතුළුව තව සම්මානයන්ට පාත්‍ර වෙයි. සොරු ඇවිල්ලා දර්ශන වාර නමසියයකට ආසන්න ප්‍රමාණයක් පාසල්වල ප්‍රදර්ශනය කර තිබෙන අතර දහස් වැනි දැක්ම ඔහු උපන් ගම වන තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ පෙන්වන්න කටයුතු දැනට යොදා ගෙන තිබේ. මේ වසරේ ඔහු තවත් අලුත් නාට්‍යයක් කරන්න සූදානම් කරති. 2012 වසරේ සුමිත් කෙටි වේදිකා නාට්‍යයක් ද කර ඇත. එය ‘සනාතන පුරවරය’ නමිනි. එහි ද ඔහු සම්මානනීය වී තිබේ. වේදිකාවේ නොනැවතුණ සුමිත් ‘රන්දුව’, ‘දඬුබස්නාමානය’, ‘අකාල සන්ධ්‍යා’, ‘ඉසුරු දිය’ යන ටෙලි නාට්‍ය තුළ ද ‘සුමේධා’, ‘චන්දිරා’, ‘අග්නිදාහය’, ‘ගරිල්ලා මාකටිං’ යන චිත්‍රපටවලද චරිත රඟපා තිබේ. සුමිත්ගේ තවත් සිහිනයක් වෙන්නේ සත්කෝරළේ අවුරුදු කෑ හැටි ගැන ‘මඩුල ගිරි’ හා ‘’රුක්මල් පිපිලා’ නමින් අලුත්ම ටෙලි නාට්‍ය 2 ක ඉදිරියේ ඉක්මනින් රූගත කරන්නටය. ආයුර්වේදය උපයෝගි කරගෙන ද සුමිත් මේ එක් නාට්‍යයක් කරන්නට සූදානමක් ඇත. 2013 රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල සහ උතුරු මැද කලා උළෙලට කෙටි නාට්‍ය හා දිගු නාට්‍ය ඇතුළත් කරන්නට සුමිත් සූදානමින් සිටී. මේ ගමනේදී අත හිත දීපු අය අතර රෝහණ දංදෙණිය, ක්ලැව් ශාන්ත, ජයන්ත චන්ද්‍රසිරි සහ පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය ද හදවතින්ම සිහිපත් කළ සුමිත්ගේ ’සුමි රූ ඩ්රාමා ඇකඩමිය’ සැප්තැම්බර් මස තඹුත්තේගමදී ආරම්භ කිරීමට බලාපොරාත්තුවෙන් සිටී. රංගනයට කැමැති අයට සුමිත් හා සම්බන්ධ වෙන්නට අවස්ථාව තිබේ. සුමි රූ ඩ්රාමා ඇකඩමිය, දුම්රියපොළ පාර, තඹුත්තේගම ඔහුගේ ගමේ ලිපිනයයි. ;කාළඹ නැවතිලා මේ කටයුතු කරන අතර හරියට කලාව කළොත් ජීවත්වෙන්න පුළුවන් බව ඔහු අවසානේ පැවසීය. ආශාව නිසා කැපවීමෙන් ආ ගමනක අභිමානය තමා මේ.
ටී. භවානන්දන් ට පියසීලි සෝමලතා ට ඉක්මන් සුවය
අප කලා ක්‍ෂේත්‍රයට හොඳ සේවාවක් කළ කලාකරුවන් දෙපොළක් අසනීපව ඇතිවග සරසවියට දැනගන්න ලැබුණා. මේ ඒ පිළිබඳ වැඩි විස්තර ටිකක්. ටී. භවා නන්දන් එක් අයෙකි. විශිෂ්ට සංස්කරණ ශිල්පියකුවන ඔහු අතින් තුෂාරා, ගැහැනියක්, සහායට ඩැනී වගේ චිත්‍රපට සංස්කරණය වුණා. ඔහු මේවන විට වැලිසර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. රංගන ශිල්පිනී පියසීලි සෝමලතා සුරවීර ද හදිසි අනතුරකට ලක්ව නේවාසිකව ප්‍රතිකාර ලබනවා. සුබ සහ යස, ස්ත්‍රී වැනි නිර්මාණවලට දායක වූ ඇය දක්‍ෂ රංගන ශිල්පිනියක්. මේ දෙපළට ඉක්මන් සුවය සරසවිය අපි ප්‍රාර්ථනා කරමු.
ආසියානු සිනමා කේන්ද්‍රයෙන් කෙටි සහ වාර්තා චිත්‍රපට වැඩමුළුවක්
කෙටි සහ වර්තා චිත්‍රපට අධ්‍යක්‍ෂණය පිළිබඳ වැඩමුළුවක් ලබන සැප්තැම්බර් 13 සිට 17 දක්වා දිනයන් හි කොළඹ දී පැවැත්වීමට ආසියානු සිනමා කේන්ද්‍රය සැලසුම් කොට ඇත. මෙය මෙහෙයවනු ලබන්නේ අන්තර්ජාතික කීර්තියට පත් ඉන්දීය සිනමාකරුවකුවන කේ හරිහරන් විසිනි. ඉන්දියාවේ පූනෙ හි චිත්‍රපට සහ රූපවාහිනී ආයතනයේ චිත්‍රපට අධ්‍යක්‍ෂණය පිළිබඳ උපාධිධාරියකුවන ඔහු දැනට චෙන්නායි හි ප්‍රසාද් චිත්‍රපට සහ රූපවාහිනි ඇකඩමියේ අධ්‍යක්‍ෂවරයාද වෙයි. එහි පූර්ණ සිනමාකරුවන්, රූපවාහිනී නිර්මාණකරුවන් කාරමිකයින් පුහුණු කිරීමේ දෑ අවුරුදු පාඨමාලාවකන් පැවැත්වෙන්නේ හරිහරන් මහතා යටතේය. ඔහුගේ මෙහෙය වීමෙන් මෙරට පැවැත්වෙන මෙම වැඩමුළුව ඉංගී‍්‍රසි මාධ්‍යයෙන්ද පැවැත්වෙන අතර ප්‍රවීණ සිනමා සහ රූපවාහිනී කැමරා අධ්‍යක්‍ෂ එම්. ඩී. මහින්දපාල ද සිංහල මාධ්‍යය සිසුන්ගේ පහසුව සඳහා සිය සම්පත් දායකත්වය සපයති. මෙය අවසානයේ දී පාඨමාලා අධ්‍යක්‍ෂ කේ. හරිහරන් ගේ අධ්‍යක්‍ෂණයෙන් යුතු සහතික පත්‍රයක් පිරි නැමේ. මෙහි වැඩිවිස්තර ආසියානු සිනමා කේන්ද්‍රය 118 දෙහිවල පාර, බොරලැස්ගමුව යන ලිපිනයෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් ලබාගත හැකිය. හරිහරන් සිනමාව පිළිබඳ ඉතා දක්‍ෂ ගුරුවරයකු වශයෙන් සැලකෙන අතර 1995 සිට පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ දකුණු ආසියාතික ප්‍රාදේශීය අධ්‍යාපන අංශයේ සිනමාකරණය ඉගැන්වීමේද නිරතව සිටී. මරාති, දමිල සහ හින්දි භාෂාවන්ගෙන් වෘත්තාන්ත චිත්‍රපට හතක් ඔහු විසින් නිර්මාණය කොට ඇති අතර ඒවා අන්තර්ජාතිකව සම්මානයට පාත්‍රව ඇත.
කෙටි නාට්‍ය උළෙල හෙට ලුම්බිණියේ
චාලක රණසූරිය හා රුවන්මලික් පිරීස්ගේ ‘Change short darma festival –2013’ කෙටි නාට්‍ය උළෙල හෙට දින (19 වැනිදා) ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වේ. යසන්ත කරුණාරත්නගේ අපුරු දවසක් හෙවත් ‘අන්තෝ ජටා’ත්, කෝරළගේ සමන්තගේත් ‘අජරාමර’ත්, චාලක ජයසූරියගේ ‘බොක්ස්’ යන කෙටි නාට්‍ය කිහිපය එදින වේදිකා ගතවීමට නියමිතය. විශිෂ්ට කෙටි වේදිකා නාට්‍ය කිහිපයක දැක්ම පේ‍්‍රක්‍ෂක රසවින්දනය සඳහා ඉදිරිපත් කරමින්, ඊට සමගාමීව පාසල් සිසුන් අතර නාට්‍යකරණය පිළිබඳව දැනුම වැඩි දියුණු කිරීම උදෙසා නොමිලේ වැඩමුළු මාලාවක් පැවැත්වීමද මෙම කෙටිනාට්‍ය උළෙලේ අරමුණයි. ඉදිරි කාලයෙදී නාට්‍ය වැඩමුළු දිගින් දිගටම පැවැත් වීමට නියමිතය. |



කලා ලොවට පිවිසෙන බොහෝ ශිල්පීන් ඈත ගම් දනව්වලින් පැමිණි අයයි. ඒ අය තුළ ඇති දක්ෂතා
ද බොහෝමයි. යම් දිනක කරළිය ජය ගන්නේ ද මේ අයයි. සුමිත් සමරසිංහ රජරටින් කලා
ක්ෂේත්‍රයට පිවිසි තරුණයෙක්. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිප් සතර හැදෑරූ ඔහු
1992 වර්ෂයේ ‘පවුරු බිඳ’ නම් වේදිකා නාට්‍ය රචනය කරමින් ද රඟපාමින් ද කලා ලොවට
පිවිසෙයි. සුමිත් තම පළමු නාට්‍යය තුළින්ම සප්ත කලාපීය තරඟවලියේදී සම්මාන හතක්ම
හිමිකර ගන්නේ ඔහුගේ දක්ෂතාවන් මොට දැයි කියමින්. හොඳම නළුවා – හොඳම රචනය - හොඳම
ඇඳුම් නිර්මාණය - හොඳම නාට්‍ය - හොඳම පසුතල නිර්මාණ ඇතුළුව තව සම්මානයන්ට ඔහු
පාත්‍ර වෙයි.
