|
|
වේදිකාවට ආදරය තියෙන අය අද වේදිකාවේ නැහැඉලන්දාරියා ගෙනෙන සුනිල් ශ්‍රී
සුනිල් ශ්‍රී නිර්මාණය කර ඇති වේදිකා නාට්‍ය කිහිපයක් මෙසේය.
‘ඉලන්දාරි’ දහසය වැන්නය. එය මෙම මස විසි වැනිදා එනම් සෙනසුරාදා සවස 3.30 ට සහ 6.30 ට මරදාන ටවර් රඟහලේදී රංග ගතවේ. දශක තුන හමාරකට ආසන්න කාලයක් . . . වේදිකා නාට්‍ය දහසයක් . . . ඒ වේදිකා ප්‍රේමියා සුනිල් ශ්‍රී. අහමු ඔහුගෙන් ඉලන්දාරි ගැන . . . සුනිල් අයියේ ඉලන්දාරි මොන වගේද? ඉලන්දාරි කියන්නේ පියෙක් නැති දුවෙකු දීග දෙන්නට මවක් දරන උත්සාහයක් පිළිබඳ කතාවක්. එහිදී ඒ දුව බඳීන්නට පොරොන්දු දෙන ඉලන්දාරින් රැසක් ඉන්නවා. ඒ ප්‍රස්තූථය ඔස්සේයි ඉලන්දාරි ඉදිරියට ගලාගෙන යන්නේ. මේක තනිකරම මගේ පෙර නාට්‍ය වගේ හාස්‍යෝත්පාදක වේදිකා නිර්මාණයක්. මේ කතා සාරය රැගත් නිර්මාණ කිහිපයක්ම මීට ප්‍රථම කලඑළියට ආවා නේද? ඒක මං දන්නේ නැහැ. මං ඒවා දැකලත් නැහැ. මගේ සිතට මේ කතාව ආවේ මෙහෙමයි. මගේ අයියාගේ පුතාට මඟුලක් හොයන්න අප ගෙවල් කිහිපයකටම ගියා. එහි දී මනමාලි මනමාලයාගේ පාර්ශවයන් බැහැ දකින්න නිවෙසේ සිට මනමාලි එළියට ආවේ බොහොම චකිතයෙන්. අප ගිය ගෙවල් හැම එකකදීම එහෙමයි. ඔවුන්ගේ හොඳට වඩා නරකයි මනමාලයාගේ පාර්ශ්වය දකින්නේ. මෙවැනි අවස්ථාවන්වලදී මනමාලි ඉන්නේ හරිම පීඩනයකින්. ඇත්තටම බලාගෙන ගියාම ඔවුන් පව්. ඇතැම් විට මනමාලියන්ව බොරුවටත් බලන්න යන පිරිස් ඉන්නවා. එහෙම ගිහින් ඒ ගෙවල්වලින් හොඳට කාලා බීලයි ඒ අය එන්නේ. මෙන්න මේ වගේ සිද්ධීන් ආශ්‍රිතවයි ඉලන්දාරි හි මූලික පිටපත සකස් වුණේ. පසුව මා අතිනුත් යම් යම් දේ එකතු කොට එය වැඩි දියුණු කෙරුවා. ඔබ අන්තිමයට නිර්මාණය කළේ බූවල්ලා වේදිකා නාට්‍යයයි. ඒත් එය වැඩි කල් වේදිකා ගත කළේ නැහැනේ? මා දන්නා තරමින් ඔබ වේදිකා නාට්‍යයක් නිර්මාණය කොට දීර්ඝ කාලයක් වේදිකා ගත කරනවා? ඔව්. ඔබ කිව්ව හරි. බූවල්ලා වැඩිපුර වේදිකා ගත කරන්නට බැරි වුණේ මං හදිසියේම අසනීප වූ නිසා. එතකොටත් දර්ශන වාර කිහිපයක්ම ඉදිරියටත් සංවිධානය කොට තිබුණා. වසර එහමාරක නිහැඩියාවකින් අනතුරුවයි මං ඉලන්දාරි වේදිකාවට ගෙන ආවේ. ඔබ ඇයි හාස්‍යෝත්පාදක වේදිකා නාට්‍ය පමණක්ම නිර්මාණය කරන්නේ? ප්‍රේක්ෂකයන් සුනිල් ශ්‍රී ගෙන් බලාපොරොත්තු වන්නේ හාස්‍යෝත්පාදක නිර්මාණ තමයි. අනික ඕනෑම කර්කෂ පණිවුඩයක් හාස්‍ය හරහා ඉදිරිපත් කරන්න පුළුවන්.
අනිවාර්යයෙන්ම. හොඳ නාට්‍යයක් බලන්න ප්‍රෙක්ෂකයන් ඉන්නවා. හොඳ නාට්‍යයක් යනුවෙන් ඔබ අදහස් කළේ? ප්‍රේක්ෂකයන්ට විඳින්න, දැනෙන්න පුළුවන් නාට්‍යයකට. දශක තුනහමාරකට ආසන්න කාලයක් ඔබ සිටියේ වේදිකාවේ පමණයි. ඔබේ සමකාලිනයන් මේ වන විට සිනමා ක්ෂේත්‍රය ද ආක්‍රමණය කරලා? ඕකට මං මෙහෙම පිළිතුරක් දෙන්නම්. අද බොහෝ නිර්මාණකරුවන් කියනවා ‘මං වේදිකාවට හරිම ආදරෙයි’ වේදිකාවේ රඟපාන්න ආසයි කියලා. ඒත් ඔවුන් එක් අයෙකුවත් වේදිකාවේ නැහැ. ඒ වේදිකාව වෙනුවෙන් වෙන් කරන්න කාලයක් ඔවුනට නැති නිසා. ඒත් මං එහෙම මහ ලොකුවට පම්පෝරි නොගැහැව්වට මාත් මේකෙ ඉන්නේ වේදිකාවට ආදරේ හින්දා. මා වටා ප්‍රේක්ෂකයන්, සංවිධායකවරු රැසක් ඉන්නවා. ඔවුන් නිසා මං හැමදාමත් වේදිකාවේ රැඳී ඉන්නවා. මං හරි හම්බ කෙරුවේ වේදිකාවෙන්. ඉතිං කොහොමද මං වේදිකාව දාලා යන්නේ. ඉලන්දාරි හි කාර්යබහුල ශිල්පීන් කිහිප දෙනෙකුම ඉන්නවා. කොහොමද ඒ අයව පුහුණුවීම් සඳහා ගෙන්වා ගත්තේ? අන්න ඒක තමයි ලොකුම ගැටලුව. පවතින ආර්ථික රටාවත් එක්ක ඇතැමෙකුට ටෙලි නාට්‍ය කරන එක නවත්වලා මගේ නාට්‍යයට එන්න කියන්න බැහැ. ඒක අසාධාරණයිනේ. එබැවින් හැකි පරිදි පුහුණුවීම් කරනවා. මේ ක්‍රමය නිසා වැඩි දෙනෙක් 3.30 ෂෝ එකට එන්නේ උදේ ෂූටිං ගිහිල්ලා සවස 2 ට විතර. ඒත් මුකුත් කියන්නත් බැහැ. ඉස්සර මට මතකයි අප පහුවෙනිදා නාට්‍යයක් තියනවා නම් ඊට කලින්දා ඉඳලා අප පේවෙලා නාට්‍යයකට ලැහැස්ති වෙනවා. හරියට පූජාවකට ලැහැස්ති වෙනවා වගේ. අද එහෙම බැහැ. ඉලන්දාරි සඳහා දායක වන පිරිස ගැන අවසන් කොට මතක් කළොත්? රංගනයෙන් සුසිලා කෝට්ටගේ, ලසන්ත උඩුකුඹුර, නන්දන හෙට්ටිආරච්චි (කොමඩිස්ටාර්) ප්‍රභා දුෂාන්ති, ශාන්ත ප්‍රියදර්ශන, රොමේෂ් සංජේ, ධනුක සිල්වා සමඟ මම මෙයට දායක වෙනවා. නිෂ්පාදනය කොල්වින් රාජපක්ෂගෙන්. අංග රචනයෙන් ගාමිණී කොස්තා එක් වෙනවා. තිස්ස වීරවර්ධන පසුතල නිර්මාණය කරනවා. සංගීතය කමල් ඩයස්. මේ අයයි ඉලන්දාරි හැඩ කරන කණ්ඩායම.
|



ඔහු වේදකාව තම ප්‍රකාශන මාධ්‍ය කොටගෙන මේ වන විට වසර තිස් හතරකි. ඒ අතරතුරදී හෙතෙම
වේදිකා ගත කළ නාට්‍ය ප්‍රමාණය නිශ්චිතවම පහළොවකි.
වේදිකා නාට්‍ය බලන්න පේ‍්‍රක්ෂකයන් ඉන්නවද තවමත්?