වර්ෂ 2013 ක්වූ ජූලි 18 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

සිනමාවට අලුත් රිද්මයක්....?

අද ප්‍රසංග වේදිකාවේ ප්‍රේක්‍ෂක ප්‍රසාදය දිනාගත් සංගීත කණ්ඩායම් ලෙස නම් කළ හැකි සන්ෆලවර්, ෆ්ලෑෂ්බැක්, ගැලැක්සීස්, වායෝ වැනි සංගීත. කණ්ඩායම්වල සාමාජිකයන්ට සිනමාපටයන් සඳහා සංගීත නිර්මාණය කිරීමට අප අධ්‍යක්‍ෂවරුන් අවස්ථාවන් දෙනවා නම් අලුත් රිද්මයක් බිහිවේවි.

පාලක සමන් පෙරේරා

හැඳල

බලා ඉන්න ආසයි සුගන්ධිකා...?

මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශයවන ‘අළු බඳුන’ ටෙලි නාට්‍යයේ සුගන්ධිකා චරිතයෙහි ජීවත්වන ආශා එදිරිසිංහ ගේ රඟපෑම් නම් හරිම අගෙයි. ඇය මුහුණින් සහ දෙඇස්වලින් මවාපාන රංගනය බලා ඉන්න ආසයි. මේ චරිතය නිසා ඔබ සම්මානයට පාත්‍ර වෙනවාමයි.
 

මැණිකේ විල්වල

කෑගල්ල

නිකිණි වැස්ස හොඳයි

චාන්දනී හොඳායී...?

නිකිණි වැස්ස චිත්‍රපටය ඉතාම සාර්ථක නිර්මාණයකි. එහි යකඩ ගැහැනියකගේ චරිතය නිරූපණය කරන චාන්දනී සෙනෙවිරත්න විශිෂ්ට රංගනයක යෙදෙයි.
 

ඩී. බී. කුලතුංග

පූගොඩ

ප්‍රවෘත්තිවලට බාධක ඇයි මේ?

පෙර රූපවාහිනී වැඩසටහන් ආරම්භයේදීම වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය විය. පසුව වැඩසටහන් අතරතුර දී එය ප්‍රචාරය විය. අනතුරුව ප්‍රවෘත්ති අතරට ද දැන්වීම් ආවේය. ක්‍රමක්‍රමයෙන් ප්‍රවෘත්ති මුල මැද අග සහ හැම තැනකටම දැන් දැන්වීම් ඇවිත්ය. දැන් දැන් අපට නිදහසේ ප්‍රවෘත්ති නැරැඹීමට තිබුණු අවස්ථාවද අහිමිව ගොසිනි. එබැවින් බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලන්නේ ප්‍රවෘත්ති විකාශය අතරතුර දී දැන්වීම් අඩුකර විකාශයෙන් පෙර හෝ පසු දැන්වීම් ප්‍රචාරය කරන ලෙසයි.
 

ප්‍රභාත් රාජපක්‍ෂ

නාවලපිටිය

වොලී සමඟ සිනමාවේ සිටි නෙතලී...?

හැටේ දශකයේ හෙළ සිනමාවේ සිටිය දිලී
දක්‍ෂ කලාකරුවෙකි තිරයේ නම දිනූ වොලී
කලකට ඉහත ගිය නොඑන ගමන් මෙළොව හැර යළී
අඩුවකි පුවත් පිටුවක ඔහු ගැන කිසිවක්ම නොලී

සැඟ වී ගියත් තිරයේ සිට කරමින් රංගනයේ පෙරළී
වොලී නාමය ඇත කලා ලොව සැමදාමත් බැබළී
ඔහුගේ දිවි මගට පහනක් විලස ආලෝකය දුන් නොසැලී
තවමත් කලා ලොව විවරය ඔබහට ශිල්පිනි නෙතලී
 

ඈන් නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල

මෙවර අපට ලැබුණු කෙටි පණිවුඩ රාශියෙන් කිහිපයකි මේ.

තවත් එන්න ඉදිරියට අපේ දක්‍ෂ ජගත් චමිල
 

අචිනි විලෝකා

හොරණ

නිළි රැජන මාලිනියේ
ලස්සන සිනාවට
ළෙංගතු දයාවට
අපේ ආචාරය.
 

අශෝකා, වත්සලා, චන්දන

අම්බලන්තොට

වී.අයි.පී රේඩියෝවේ දහවල් 12 සිට 01 දක්වා ඩාන්ස් විත් මී වැඩසටහන කරන තිළිණ මධුසංඛට සුබ පතමි.
 

නිරෝෂා

කුරුණෑගල

අභීත දියණිය නිමාවීම ගැන කනගාටුයි. ආයෙත් එවන් වූ කතාවක් ඕනේ.
 

තනුරි

මලඳගොඩ

ටී. එම්. ට සියක් ආයු ලැබේවා. ඔබේ ‘සොඳුරු අතීතය’ ගී මියැසිය ස්වාධීන රූපවාහිනියෙන් අප දුටුවා. එය විකාශය කළාට එම ආයතනයට තුති. ටී. එම්. ජයරත්න කලාකරුවාණනි තවතවත් අපේ සිත් සුවපත් කළ මැනවි.
 

ඉනෝකා ගුණවර්ධන

සංගීත ආචාරිනී

සුජාතා විද්‍යාලය

නුගේගොඩ

ජෝති අහිමිව වසර විසිහයක් ගතවී තිබුණ ද ඔහු ගේ මතකයන් කවදාවත් අප සිතින් මැකී නොයයි. කාටවත්ම බෑ ජෝතිපාල කෙනෙක් වෙන්න.
 

දිනේෂ් පි‍්‍රයංකර

මීගමුව

ජනකාන්ත නළු ශෂි විජේන්ද්‍ර සිනමාවෙන් ඉවත්ව සිටීම සිංහල සිනමාවට සිදුවී ඇති බලවත් පාඩුවකි. එබැවින් නැවත නව නිර්මාණයකින් අප හමුවට එනලෙස ඔබගෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම හැකියාව ඇත්නම් ඔබ රඟපෑ ශක්තිය ඔබයි අම්මේ සිනමාපටය ඩී. වී. ඩී. ලෙසින් අප වෙත ගෙන එන්නේ නම් හරිම අගෙයි.
 

කේ. ඒ. ඩී. නාමල්

අකුරැස්ස

සෝමලතා සුබසිංහ කලාවේදිනියව අගය කළා මදි.
 

නිමල් කුලසේකර

අඟුලාන

ගුණදාස කපුගේ හිටියානම් අද බිහිවන සුපිරි තරුවලට නියම මග කියාදී හොඳට උදවු කරාවි.
 

රත්න කහඳව

අලව්ව

තීක්‍ෂණ අනුරාධ ට ඇත්තේ හඬන ස්වරයක්. ඒත් ඔහු හඬ මුසුකළ ගීත හැඟුම් බරයි. ඒ හින්දාම මිනිසුන් අතර වැඩිපුර ජනපි‍්‍රයයි.
 

කමල් දුෂ්මන්ත

හේකිත්ත

මෑතක සිට ටෙලි නාට්‍යවලට විකටයකු ඇතුළත්ව ඇත. එහි නරකක් නොව මා කියන්නේ. ඒත් නාට්‍ය කිහිපයකටම එම විකට චරිතයට එකම ශිල්පියාව යොදා ගැනීමෙන් ඒකාකාරීබවක් ඇතිවේ.
 

හෂින්ත

දෙමටගොඩ

අජිත් විතානගේ ගේ නායකත්වයෙන් යුතු සීදූව සකුරා සංගීත කණ්ඩායම මා මෑත කාලීනව වේදිකාවේ දී දුටු හොඳම සංගීත කණ්ඩායමයි.
 

මහේෂ්

දොඩංදූව

පුංචි තිරයේ අවිහිංසක පෙම්වතා වූ අකිල සඳ කැලුම් ළඟදී ටෙලි නාට්‍යයක සැලකිය යුතු චරිතයකින් අප දුටුවේ නැහැ. සිනමාවට ද උචිත රුවක් ඇති ඔහුට හොඳ නිර්මාණ නොලැබුණා කියලයි මට හිතෙන්නෙ.
 

කවීෂා

තුම්මෝදර

අමීශා කාවින්දි, සප්නා කරීම්, රශ්මි පුෂ්පිකා, නිමේෂා සෙව්වන්දි, චන්න චානක නම් නව පරපුරක් පිරිවරා අද යුගයට අවශ්‍ය පරිදි ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ නම් චිත්‍රපටයක් කළ අර්ජුන කමලනාත්ටයි මේ පවසන්නේ. මේ චිත්‍රපටය ඉතාමත් ජනපි‍්‍රය වේවි. වාණිජ චිත්‍රපට අඩුවී ඇති මේ කාලයේ නැටුම්, ගැයුම්, වැයුම්, සටන් අඩංගු යැයි මා උපකල්පනය කරමි.
 

මිල්ටන් ප්‍රනාන්දු

උතුරු මූදුකටුව

හෙළ සිනමාව පිරිහී ඇතිවග ඇතැම් අය පවසති. ඒත් ඇත්තටම සිදුව ඇත්තේ ප්‍රේක්‍ෂකයන් සිටියද හොඳ චිත්‍රපට නොමැති වීමයි. සිරිපැරකුම් උදාහරණයට දෙමින් මා මෙසේ පවසමි. සිරිපැරකුම් මේ වන විට ආදායම් වාර්තා තබමින් තිරගතවන බව පුවත්පත්වලින් මා දුටුවෙමි. හොඳ චිත්‍රපටයකට හොඳ ප්‍රේක්‍ෂක පිරිසක් ඇත. එබැවින් හොඳ චිත්‍රපට හිඟ වීම ක්‍ෂේත්‍රයේ පිරිහීමට හේතුවයි.
 

මුදිතා

කටුනේරිය

ඉස්සර ප්‍රසංග වේදිකාවේ කැපී පෙණුන ගායකයෙකි කරුණාරත්න දිවුල්ගනේ. දේශපාලනයට යොමුවීමෙන් පසු ඔහුගේ ගැයුම්වලට ඉඩක් නොලැබුණ තරම්ය. පසුගිය දිනක පැවැත්වූ රත්න ශ්‍රී විජේසිංහගේ උපහාර ප්‍රසංගයේ ද ඔහුව දුටුවේ නැත. කුමන හෝ කරුණු කාරණා මත දිවුල්ගනේ ගායනයෙන් ඈත් වුවත් අප මතකයේ නම් ඔහු ගැයූ ගී රැව් පිළිරැව්දේ.
 

මනෝජ්

පිල්ලෑවත්ත

ප්‍රතිභාපූර්ණ රංඟවේදී ජනක් ප්‍රේමලාල් නැවතත් රාජකපුරු නාට්‍යය කරළියට ගෙන ඒම පිළිබඳ සතුටුයි.
 

හේමන්ත

වලස්මුල්ල

ලංකාවේ ප්‍රථම රණවිරු ගීතය ගැයූ ධනපාල උඩවත්ත ගායකයාණන් එදා මෙන්ම අද දක්වා ජවසම්පන්නව වේදිකාවේ රැඳී සිටිනවා. වේග රිද්මයේ වුවත් ඔහුගේ ගීතවල හොඳ අර්ථයක් තියෙනවා කියලා කියන්න පුළුවන්.
 

සුදම්

නුවර

සුදු පරෙවි රෑන සේ පියඹා ඇවිත්, හදවත ඉල්ලා සොරාගත් කිසිදු දිනක අප සිත් විමන් හැරදා නොගිය හිරුද මුවාවී ගීහඬ ඇසූ මොහොතක් නොව කල්පයක් සුවදෙන හඬකට හිමි පි‍්‍රයා සූරියසේන නම් කලා කරුවාණෙනි, ඔබටයි මේ වාග් මාලාව.
 

ලක්මාලි

වරකාපොළ

ප්‍රතිභාපූර්ණ විශිෂ්ට රංගන ශිල්පිනී චාන්දනී සෙනෙවිරත්න නිකිණි වැස්ස සිනමාපටයෙහි කරන රංගනය ඉතාම ඉහළයි. ඇය තමයි ඕනෑම අභියෝගයක් භාරගන්න පුළුවන් නිළිය.

වික්‍රම

මිද්දෙණිය

ගායක පුන්සිරි සොයිසා වෙත මෙසේ ඉල්ලීමක් කරමි.
ඔබේ හඩින් බොදු බැති ගී සංයුක්ත තැටියක් ඉදිරිපත් කරන්න. එය අපට දිව ඔසුවක් වේවි.
 

සමීර

සෙවණගල

රන්ජන් රාමනායක අපට නම් පෙනෙන්නේ අවුරුදු 18 ක ඉලන්දාරියකු වගේ.
 

කරු මන්දාවල

නාත්තන්ඩිය

තිලක් කුමාර රත්නායක තමයි ලංකාවේ අංක එකේ ප්‍රසංග නිවේදකයා.
 

ජානක

මාතර

භාග්‍යා හෙට්ටිආරච්චි සුන්දරම සුන්දරයි.
 

පියුමි

පානදුර

ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වන සංහිඳ වැඩසටහන සඳ ඇති රැයක් බඳුය.
 

කමලා මධුරප්පෙරුම

නාවල

සරසවිය පුවත්පතෙහි පිටු එකින් එක කියවා බැලූ ඔබ මේ නතරවන්නේ ඔබේම සිතැඟි එක්තැන්වූ තැනය. ඔබ එවූ සොඳුරු අදහස් මෙතැන විචිත්‍රවත්වන අන්දම බලන්න. ප්‍රතිචාර ක්‍ෂණිකව 0752805047 යන අංකයට එවිට හැකිය.

එමෙන්ම ප්‍රතිචාර, සරසවිය,
ලේක්හවුස් කොළඹ 10

මේ ලිපිනය ඔබේ සටහන් හෝ තැපැල්පත් වෙනුවෙනි.