|
|
ඕමානයේ රටවිරු තරු
සින්නතම්බි දායාසීලන් ඕමානයේ රටවිරුවෝ වේදිකාවේ ආරම්භය සනිටුහන් කරන්න සූදානම්. මහනුවර පදිංචි දයාසීලන් විදෙස් සේවයට එක් වෙන්නේ මීට වසර 13 ට ඉහතදීයි. සහජ හැකියාවත් ගායනය කෙරෙහි වූ උනන්දුවත් නිසාම සංගීත ක්ෂේත්‍රයට ලැදියාවක් දැක් වූ ඔහු සිය ගායන හැකියාවන් එළි දක්වන්න තෝරා ගත්තේ රටවිරුවෝ වේදිකාවයි. එම්. පී. දිනේෂ් කුමාර ඩයස් රටවිරුවෝ වේදිකාවට එක් වෙන්නේ ගායන අංශයෙන්. සහජයෙන් ලද ගායන හැකියාව ස්ව උත්සාහයෙන් තව තවත් සාර්ථක කරගත් ඔහු මෙවර රටවිරුවෝ වේදිකාව ඔස්සේ එය ලොවටම පෙන්වන්න සූදානම්. මොරටුවේ පදිංචි දිනේෂ් කුමාර ඕමානයේ විදෙස් සේවයට එක්වෙන්නේ පසුගිය වසරේ සිටයි. මහනුවර පදිංචි රෝෂණී ශෂිකා නිලුක්ෂි රාජපක්ෂ මීළඟට රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සූදානම්. සහජයෙන් ලද ගායන හැකියාවෙන් පාසලේදී විෂයක් ලෙස ද සංගීතය හදාරා ඇති ඇය සමස්ත ලංකා මට්ටමේ ගායන තරග ජයග්‍රහණ ද හිමිකර ගන්නට සමත්. ගායනය පමණක් නොව සංගීත භාණ්ඩ කීපයක්ම වාදනය කිරීමේ හැකියාව පමණක්ම නොවෙයි රෝෂණීට හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්. ඩෙරෝන් මෙලෝ මෙවර රටවිරුවෝ වේදිකාවට එක්වෙන්නේ ගායන අංශයෙන්. ගායනයට ඇති ආශාවත් දෙමව්පියන්ගේ මඟ පෙන්වීමත් යටතේ සංගීත අංශයට යොමු වූ ඔහු තම හැකියාව එළිදක්වන්න තෝරා ගත්තේ ඕමානයේ රටවිරුවෝ වේදිකාවයි. මීගමුවේ පදිංචි ඩෙරෝන් විදෙස් සේවයට එක් වෙන්නේ 1988 වසරේ සිටයි. මොරටුවේ පදිංචි මරියස් ප්‍රසන්න රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න පැමිණෙන මීළඟ ගායන තරුවයි. ගායනයට තිබූ උනන්දුව නිසාම සංගීතය විෂයක් ලෙස හදාරා ඇති ඔහු පාසල් තූර්ය වාදන කණ්ඩායම නියෝජනය කළ සාමාජිකයෙක්. ප්‍රසන්න විදෙස් සේවයට එක්ව ඇත්තේ 1990 වසරේ සිටයි. ප්‍රේමලාල් ආනන්ද ඕමානයේ රටවිරුවෝ වේදිකාවට එක්වෙන්නෙත් ගායන අංශයෙන්. ගීත ගායනයට ඇති දැඩි ඇල්ම නිසාම පාසල් කාලයේ සිට විෂයක් ලෙස සංගීතය හදාරා ඇති ඔහු අද ඒ හැකියාවෙන් රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සූදානම්. ගෙලිඔය පදිංචි ප්‍රේමලාල් ආනන්ද විදෙස් සේවයට එක් වී ඇත්තේ 1997 වසරේ සිටයි.
|



රට විරුවෝ වැඩසටහන ගැන ඔබට දැන් අමුතුවෙන් හඳුන්වා දෙන්න උවමනා නම් නැහැ. මව්බිමෙන්
ඈත්ව දුරු රටක සිට රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාව සෑම ඉරිදාවකම රාත්‍රී 10.00 ට
ස්වර්ණවාහිනි නාලිකාවෙන් ඔබට සමීප වෙනවා. ජෝර්දානයේ වැඩසටහන් පෙළෙහි නිමාවත් සමඟින්
මෙවර රටවිරුවෝ වේදිකාව ඉදිවෙන්නේ තවත් මැදපෙරදිග රටක. ඒ ඕමානයයි. මේ එහි පළමු
වැඩසටහනට සහභාගිවන රටවිරුවන් හය දෙනා ගැන කෙටි හැඳින්වීමක්.