|
|
අමතක නොවන මතක තියා නික්ම ගිය නිමල්
නිමල් ලක්ෂපතිආරච්චි වෙන්ව ගොස් වසරකි
මේ ලිපිය ලියන්නේ ඈත අතීතයක මතකයන් සිහිපත් කරමින්. 1967 දක්වා දීර්ඝ වූ ඒ මතකය අමතක කර ඔහු ගැන ලියන්න අපහසු බව මුලින්ම සඳහන් කළ යුතු වෙනවා. ගුවන් විදුලි වෙළෙඳ සේවයේ වැඩසටහන් ඉතා ජනප්‍රියව තිබුණු වකවානුවක් ඒ. බොහෝ දේ බොහෝ වෙනස්ව ඇති මේ යුගයේ පැපිලියාන හන්දියට එදා නාමල් සුවඳ දුන් දැවැන්ත නා ගස අද එතන නැති බව සිහිපත් කරන්නේ අනිත්‍යයේ සලකුණක් තබමින්. කාර්යාලයේ වැඩ අවසන් වී ගෙදර එන මා බසයෙන් බහින්නේ ජීවිතයේ මං සටහනක් වැනි මේ නා ගස මුල ඇති බස් නැවතුමිනි. අලුත් පදිංචියකට පැමිණි නිසා බස් නැවතුම ළං වෙද්දී මගේ හිතට ඇති වෙන්නේ පුංචි චකිතයක්.
පදිංචි වෙනස්වීම් හා නොයෙකුත් සංක්‍රමණ ජීවිතය වැලඳ ගත්තත් මගේ මහගෙදර වුණේ ගුවන් විදුලියමයි. මේ 1978 වසර. තරුණ ක්‍රියාකාරී සහායකවරුන් පිරිසක් ගුවන් විදුලියට පැමිණි වසරයි ඒ. කඩිසර, ක්‍රියාශීලී උදේයීගිමත් ඒ පිරිස අතර මට හුරු පුරුදු මුහුණක්. ‘ආනන්දයෙන්’ ලැබුණ දැනුමෙන් පෝෂණය වී අරමුණු ජයග්‍රහණ දරාගෙන සිටි නිමල් මා එදා දුටුවේ බොහෝ කලකට පසුවයි. දවසින් දවසට ඔප මට්ටම් වූ ඔහුගේ ක්‍රියාකාරී සේවය ඉතාම ටික කලකින් ප්‍රකට නමක් ඇති කර ගන්නට තරම් ශක්තිමත් වූ බව කවුරුත් පිළිගන්නා මතයක්. ඔහුගේ මිත්‍රශීලී සහයෝගය හැම නිවේදකයකුටම ලබා දුන්නේ සැනසිල්ලක් සහ සතුටක් බව නොකියාම බෑ. තමන් දෙන දේට හා හිතන දේට වඩා අලුත් හඬක් ගුවන් කාලයට ලැබෙන නිසා නිමල්ගේ සහයෝගය නොපැතූ නිවේදකයෙක් නැති තරම්. වැඩසටහන් සකස් කිරීමේදී, නිෂ්පාදනය කිරීමේදී වගේම ගීත තේරීමේදී පවා ඔහුගෙන් ලැබුණු යම් යම් උපදෙස් අසන්නන්ගේ ප්‍රියතාවයට හේතු වූ අවස්ථා බොහොමයි. එතෙක් මෙතෙක් ගුවන් ගත වූ අසන්නන් අතින්ම ලියවුණු එකම අත්වැල් නාට්‍යය සකස් කිරීමේදී ඒ අසීරු කාර්යයට ඔහුගෙන් මට ලැබුණු කැපවීම ද අගය කළ යුතුමයි. නාට්‍ය ශිල්පියකු ලෙස ඔහු පෙන් වූ දක්ෂතා ගැන ශ්‍රාවකයන් තාමත් කතා කරනු ඇසෙනවා. ඉතා ජනප්‍රිය වූ ‘ගජමුතු’ ගුවන් විදුලි නාට්‍යයේ ‘මුතුට’ පෙම් කළ දරදඬු ‘ගලබොඩ අප්පෝ’ අසන්නන්ට අමතක වී නැත. ගුවන් විදුලි කලාවේදී විය යුතු හා නොවිය යුතු බොහෝ දේ ඔහු පෙන්වා දුන්නේ පෙර දැක්මක් දුටු කෙනෙකු ලෙසයි. ‘වැඩසටහන්වලදී බර වචනවලින් මිනිස්සුන්ට කතා කරන්න හොඳ නෑ’ එක්තරා ගැඹුරු වැඩසටහනක් අහද්දී ඔහු පළ කළ මතයක් ඒ. ඊට පසුදා මගේ ‘සොඳුරු සෙවණ’ වැඩසටහනට ඔහුගෙන් ලැබුණේ පරිවර්තනයක්. ‘ඹ්ඪබබතඥ එධපඤඵ’ පුංචි වචන ගැනයි. ඒ පුංචි වචනවලින් ලොකු වෙනස්කම් කරන්න පුලුවන්ලු. අදටත් මගේ අතින් යමක් ලියවෙද්දී මට මතක් වෙන්නේ ඔහුගේ පුංචි ලිපියේ ගැඹුර පෙන් වූ පුංචි වචනයි. විශ්ව සාහිත්‍යය, විශ්ව දැනුම හා මාධ්‍යකරණය පිළිබඳ හදාරන්නට කිසිම විශ්ව විද්‍යාලයක ඇසුර ලබාගත් බවක් ඔහු කිසි තැනක සඳහන් කර නැත. විශ්වවිද්‍යාල වැනි වියතුන්ගේ ආභාසයත් පොත පතත් ඔහුට ඕනෑම මාතෘකාවකට කතා කරන්ට ගුරුහරුකම් දුන් බවයි පෙනෙන්නට තිබුණේ. මිනිසුන්ගේ හද ගැස්මේ ඉව ඔහු ලබාගත්තේ අම්මාගේ ආදරයෙන් සහ පිය සෙනෙහස ලබා දුන් සුළු පියාණන්ගේ රැකවරණයෙන් බව බොහෝ අවස්ථාවල ඔහු සඳහන් කළේ සතුටු කඳුළු පිරුණු දෑසින්. ඔහුගේ සහායෙන් නිෂ්පාදනය වූ නොයෙක් වැඩසටහන්වලදී කැපී පෙනුණේ එක තැන පල්වෙන නිදි කිරා වැටෙන ගුවන් විදුලි සම්ප්‍රදාය බිඳින්නට තිබුණ ඔහුගේ බලාපොරොත්තුවයි. ඔහු හැම විටම කතා කළේ නැවුම් රේඩියෝ කලාවක් ගැන. අලුත් ලෝකයක් ගැන. ඒ අලුත් ලෝකය සිහින ලෝකයක් යැයි බොහෝ දෙනා හිතුවත් ඒ සිහිනය සැබෑ කරගන්නට ඔහු ශක්තිමත් පියවරක් තැබුවේ ජාතික ගුවන් විදුලියට සමුදීමෙන්. ප්‍රථම පෞද්ගලික නාලිකාව වන ජ්. ර්. 99 වෙත ඔහු පියවර තැබුවේ ඒකාකාරී සම්ප්‍රදායෙන් මිදෙන අදහසින් වෙන්නට ඇති. එතනින් නොනැවතී ඔහු වෙනම මාධ්‍ය රාජධානියක් ගොඩ නගා මහා විප්ලවයක් කළ බව ප්‍රකට සිද්ධියක්. මාධ්‍ය ඉතිහාසයේ මතවාදයට ලක් වූ (පන්නිපිටියේ මොන්ටිසෝරිය) ‘සිරස’ බිහි කිරීමයි ඔහු අතින් සිදු වූ ආශ්චර්යය. හිරිමල් යොවුන් කැකුළු කීපයක් තෝරා ගෙන නෙසැලෙන සිරසක් ගොඩ නඟන්නට ඔහුට පුලුවන් වූයේ කුසලතා හඳුනා ගැනීමේ පුදුම ඉවක් තිබුණු නිසයි. නිවේදක නිවේදිකාවන් හත් දෙනෙකුගෙන් පමණක් ආරම්භ වූ ‘සිරස’ ඉහළම ජනප්‍රියතාවය දිනාගත්තේ ඉතාම කෙටි කලකින්. ජාතික ගුවන් විදුලිය ද නින්දෙන් අවදි වී මොන්ටිසෝරි ක්‍රමය අත්හදා බලන්නට යනවා යැයි චෝදනා ලැබුවේත් මේ කාලයේදී. කැලෑව හොඳින් හෙළිකර ඔහු හදා දුන් අඩි පාර ඔස්සේ තවත් අය ඉන් පසු ගමන් කරන්ට පටන් ගත්තේ ඉවක් බවක් නැති වල්මත් වූවන් වගේ. දැන් ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු අධිවේගී මාර්ගයක් බවට පත් වී ඇත්තේ ඔහු හෙළි කර දුන් මඟ බව බොහෝ අයට අමතක වී ඇත. ගුවන් විදුලියේත්, රූපවාහිනියේත් අධ්‍යක්ෂ ජනරාල් ධුර දෙකම ලබන්නට නිමල් ලක්ෂපතිආරච්චි නම් මේ සාමාන්‍ය මිනිසාට හැකි වූයේ ඔහුගේ අධිෂ්ඨානශීලී කැප කිරීම් නිසා බව පැහැදිලි සත්‍යයකි. 2015 දී ඩිජිටල් රූපවාහිනි තාක්ෂණයේ නව නැම්මක් පිළිබඳව විශ්වාසයෙන් කතා කරමින් සිටිද්දී, නව ලොවට ඒ සැලසුම් ඉදිරිපත් කරන්නට කලින් අකාලය කුරිරු ලෙසින් ඔහු පැහැර ගත්තා. ඒ පාඩුව දියණියටත්, පුතුටත්, බිරිඳටත් පමණක් යැයි හිතන්නේ කොහොමද? |



දඟකාර කොලු
රෑනක් ඒ නැවතුමේ මට සමච්චල් කරන්නට මඟ බලා හිඳීමයි මගේ අසහනයට හේතුව. හැමදාම ඔවුන්
මට හඬගා කියන්න් එකම වැකියකි. ‘මේ ඔබට ආයුබෝවන් කියන්නේ දයා රණතුංග’. දවසේ කාන්තා
වැඩසටහන අවසන් කරන මගේම වැකියෙන් මට දමා ගසා ඔවුන් මට සමච්චල් කිරීම මා දරා ගත්තේ
ඉවසිල්ලෙනි. මගේ නම කියා කොලු රෑනේ පැහැදිලි හඬක් දුන් දඟකාරයා ටික දවසකට පසුව මට
හඳුනාගන්නට ලැබුණේ ගුවන් විදුලි වැඩසටහන් ගැන විශේෂ ඇල්මකින් හා අවධානයකින් හිටි
දරුවකු ලෙසයි. ඒ තමා කුඩා නිමල් ලක්ෂපතිආරච්චි. නිමල්ගේ මෑණියන්, සොයුරියන් දෙදෙනා
සහ සුළු පියාණන් මට ළෙන්ගතු වූයේ ඉන් පසුවයි. ඔවුන් විසුවේ පැපිලියානේ පුංචි
කැදැල්ලක ඉතාම සතුටින්.