අතු අගැ දිලි මල් අහුබුදු මියැසි මිහිර අද සැමටම ආරාධනා
අතු අගැ දිලි මල්
අහුබුදු මියැසි මිහිර අද
සැමටම ආරාධනා
දිවංගත කලාසූරි අරිසෙන් අහුබුදු සූරීන්ගේ දෙවන වසර සමරුව නිමිති කොට, එතුමන් විසින්
රචිත ජනප්‍රියතම ගීත ඇතුළත් ප්‍රසංගයක් ‘අතු අගැ දිලි මල් - අහුබුදු මියැසි මිහිර’
අද කොළඹබණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙහිදී පණ්ඩිත් අමරදේව, අයිවෝ ඩෙනිස්, වික්ටර් රත්නායක, ලතා වල්පොල, නන්දා මාලිනී,
අමිත් වල්පොල, ජගත් වික්‍රමසිංහ, ලක්ෂමන් විජේසේකර, නිශ්ශංක දිද්දෙණිය, ජානක
වික්‍රමසිංහ, නෙලූ අධිකාරි, නන්දන ලියනගේ, රමණී පෙරේරා, ලලිත් පොන්නම්පෙරුම, වර්නන්
පෙරේරා, සඳනි අහුබුදු, රනාරා ඇකඩමියේ සිසු සිසුවියන් ගී ගැයුමෙන් හා බුදවත්ත
රංගායතනයේ සිසු සිසුවියෝ රංගනයෙන් එක් වෙති. අහුබුදු සූරීන් විසින් රචිත ගීත ඇතුළත්
ග්‍රන්ථයක් සහ දුර්ලභ ඡායාරූප හා තොරතුරු ඇතුළත් සමරු කළඹක්ද එදින එළිදැක්වීමට
අහුබුදු පදනම කටයුතු යොදා ඇත.
-යතේජා
විමුක්ති ජයසුන්දරගේ
චිත්‍රපට ත්‍රිත්වය
23 දා පදනම් ආයතනයේ

නව පරපුරේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර නිර්මාණය කළ චිත්‍රපට
ත්‍රිත්වයක් එකම දිනක් තුළ ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් ෆිල්ම්
ඇකඩමිය පියවර
ගෙන ඇත.
ඒ අනුව ලබන 23 වැනි අඟහරුවාදා දින දවස පුරා කොළඹ 07 පිහිටි
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේදී මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සිදුවේ.
එදින චිත්‍රපට ප්‍රදර්ශනය වන පිළිවෙළ මෙසේය.
උදෑසන 10.30 ට සුළඟ එනු පිණිස
සවස 4.00 ට අහසින් වැටෙයි
සවස 7.00 ට චත්‍රක්
අර්ජුන කමලනාත්ගේ
ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ
මංගල දර්ශනය
අද රීගල් හී
අද අර්ජුන කමලනාත්ගේ සිනමා දිවියට සුවිශේෂී දිනයකි. ඒ ඔහුගේ කුලුඳුල් සිනමාපට
අධ්‍යක්ෂණය ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ හි මංගල දර්ශනය කොළඹ රීගල් සිනමා ශාලාවේදී
පැවැත්වෙන නිසයි.
තාරුණ්‍යයේ කතා තේමාවක් රැගත් ඉගිලෙන්න ඇයි දඟලන්නේ අද සිට රීගල් ලිඩෝ ඇතුළු රිත්මා
මණ්ඩලයේ සිනමා ශාලාවන් හි තිරගත වනු ඇත.
අර්ජුන කමලනාත් සහ අමීශා කාවින්දි ප්‍රධාන චරිත මවන මෙහි සෙසු චරිත සුදත් විජේසේකර,
චාමි සේනානායක, සප්නා කරීම්, රශ්මි පුෂ්පිකා, මේරියන් එලිසබෙත්, නිමේෂා සෙව්වන්දි,
සුංජිත් ඩයස්, චන්න චානක, ඩික්සන් ජෙරාඩ්, සම්පත් දිනූෂ නිරූපණය කරනු ලබති. කතාව,
දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය අර්ජුන කමලනාත් විසින් සිදුකර තිබේ. කැමරාව සජිත
වීරප්පෙරුම (ෂැගී) මෙහෙයවා ඇත. කේෂාන් පෙරේරාගේ සංගීිතයට ගැයුම් අයෝමි පෙරේරාගෙනි.
චන්ද්‍රදාස ප්‍රනාන්දු ගේ ගී පද රචනයකි.
ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ඉසුරු ෆිල්ම්ස් හි ඉදිරිපත් කිරීමකි.
- ප්‍රසාද්
|