|
|
බලනවා නම් චිත්‍රපට
අද ලොව ජනූප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්ූවැූලක් වෙන්නයි මේ වෑයම
Jhon Dies at the End ඩොන් කාස්කෙයාර්ලි විසින් අධ්‍යක්ෂණය කළ ‘ජෝන් ඩයිස් ඇට් දි එන්ඩ්’ ත්‍රාසජනක සිදුවීම් ඇතුළත් හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක්. චේස් විලියම්, රොබ් මේයිස්, පාවුල් ගයිමැටී, ග්ලින් ටෲමන්, බග් ජෝන්ස්, ඩැනියෙල් රොයි බුක් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. ‘ජෝන් ඩයිස් ඇට් දි එන්ඩ්’ මිනිත්තු 99 ක ධාවන කාලයකින් යුතු වේ.
‘ට්වෙන්ටි වන් ඇන්ඩ් ඕවර්’ හොලිවුඩ් හාස්‍යමය චිත්‍රපටයක්. ජෝන් ලූකස් සහ ස්කොට් මුරේ අධ්‍යක්ෂණය කළ මෙහි ජස්ටින් චාන්, මයිල්ස් ශලර්, ස්කයිලර් ඇස්ටින්, සාරා රයිට් ප්‍රධාන චරිත සඳහා පණ පොවති. ‘ට්වෙන්ටි වන් ඇන්ඩ් ඕවර්’ මිනිත්තු 93 ක ධාවන කාලයකින් යුතු වේ.
Welcome to the Punch ‘වෙල්කම් ටු ද පන්ච්’ ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක්. එරාන් ක්‍රෙවි අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 99 ක ධාවන කාලයකින් යුතු වේ. ජේම්ස් මැක්වෝයි, මාර්ක් ස්ට්‍රෝන්ග්, ඇන්ඩ්‍රියා රයිස්බර්ග්, එලයින් ගැබෙල්, පීටර් මුලාන්, ඩේවිඩ් මොරිසේ සහ ඩැනියෙල් මේයිස් ‘වෙල්කම් ටු ද පන්ච්’ හි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.
‘ට්‍රාන්ස්’ ත්‍රාසජනක සිදුවීම රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. මිනිත්තු එකසිය එකක ධාවන කාලයකින් යුතු මෙහි අධ්‍යක්ෂණය ඩැනි බොයිලි විසිනි. ජේම්ස් මැක්වෝයි, රොසයිරෝ ඩෝසන්, වින්සන්ට් කැසෙල්, ඩැනි ස්පැනී, මැටි ක්‍රොස්, වහබ් ෂීක්, ලී නිකොලස් හැරිස් ‘ට්‍රාන්ස්’ හි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.
Now You See Me ලොයිස් ලෙමීරියර් විසින් අධ්‍යක්ෂණය කළ ‘නව් යූ සී මී’ අපරාධයක කතා පුවතක් රැගත් ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක්. ජේස් එසෙන්බර්ග්, මාර්ක් රුෆලෝ, වූඩි හැරෙල්සන්, ඉසෙලා ෆිෂර්, ඩේවි ෆැන්කෝ, මෙලයිනි ලෝරන්ට්, මොර්ගන් ෆ‍්‍රීමෑන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.
‘ඕරන්ග්සෙබ්’ හින්දි ක්‍රියාදාම චිත්‍රපටයක්. අතුල් සබ්හර්වාල් අධ්‍යක්ෂණය කළ මෙහි අර්ජුන් කපූර්, ප්‍රිතිවිරාජ් සුකුමාරන්, සාෂා අග්හා, රිෂි කපූර්, ජැකි ෂරොෆ්, දීප්ති නාවල් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. ‘ඕරන්ග්සෙබ්’ මිනිත්තු 115 ක ධාවන කාලයකින් යුතු වේ.
Hum Hai Raahi Car Ke ‘හම් හේ රාහී කාර් කී’ හාස්‍යමය හින්දි චිත්‍රපටයක්. ඡ්‍යොතින් ගෝල් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි සන්ජේ දත්, අනුපම් කේරි, ජුහි චවුලා, චන්කි පාන්ඩේ, රාති අග්නිහෝර්ති, දේව් ගෝල් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. |



Officer
Down
21
& Over
Trance
Aurangzeb