|
|
සැමීගේ කතාව අධ්යක්ෂප්රියංකර විතානාච්චිගෙන් පිළිතුරක්
සැමීගේ කතාවේ ජගත් චමිල හොඳම නළුවා ලෙස නිව්යෝර්ක් සිටි අන්තර්ජාතික සම්මාන උළෙලේදී නිර්දේශ වූ පසු ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අසෝක සේරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය යන මහත්වරුන් අපට දැක් වූ අනුග්‍රහයට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. ජගත්, විමල් දේශපි‍්‍රය, අතුල සුල්තාන්ගොඩ උළෙලට සහභාගි වූහ. ජගත්ගේ ගුවන් ටිකට් පතට අනුග්‍රහය ලබාදීමට චිත්‍රපට සංස්ථා සභාපතිතුමා සහ රවින්ද්‍ර රන්දෙණිය මහතා කටයුතු කළහ. හොඳම නළුවා ලෙසින් සම්මාන ලබාගත් පසු ජගත්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ගැනත් මම ඒ මහතුන්ට ස්තුතිවන්ත වෙමි. වාරණ මණ්ඩලයේ සහතිකය ලැබුණු පසු අප සිනමාපටය බෙදා හරින්නන් දෙපිරිසකට ප්‍රදර්ශනය කරන ලදී. ඒ ජාතික චිත්‍රපට සංස්ථාවට සහ පෞද්ගලික බෙදා හරින්නන්ටය. පෞද්ගලික බෙදා හරින්නෝ සැමීගේ කතාව තිරගත කරන දිනය 2015 දක්වා කල් යැවූහ. ඒ නිසා ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට පෝළිමට සිනමාපටය එක් විය. මම ජාතික චිත්‍රපට සංස්ථාවෙන් මූල්‍ය ආධාර සිනමා පටය මුල් රූගැන්වීමේදී සිටම ඉල්ලා සිටියෙමි. සිනමාපටයේ ප්‍රගති පිටපත සහ එඪතඤ ඊපචජඬ සමඟ ලබා දුන්නෙමි. දින කිහිපයකට පසු චිත්‍රපට සංස්ථාවේ කොඩිප්පිලි මහතාගෙන් මගේ ඉල්ලීමට දක්වන ප්‍රතිචාරය කෙබඳුදැයි කියා විමසුවෙමි. දුරකතනයෙන් තීරණයට හේතුª කාරණා කතාබහ කළ නොහැකි බව පැවසූ ඔහු සියලු විස්තර ලිපියකින් දන්වන බව පැවසුවේය. චිත්‍රපට සංස්ථාවෙන් මට සැමීගේ කතාවට මූල්‍ය ආධාර ලබා නොදෙන බවට පිළිතුරු ලිපියක් ලැබුණි. යළිත් මා මේ තීරණය පිටුපස ඇති කාරණය පැහැදිලි කරන ලෙස ඉල්ලා කොඩිප්පිලි මහතාට ලිපියක් හැරියෙමි. ඔහු කාරණය පැහැදිලි කළ නොහැකි බවත් ඔවුන් කාරණය පැහැදිලි කිරීමට බැඳී නොසිටින බවත් ලියා එවා තිබුණි. සිනමාපටය නිම කිරීමට මූල්‍ය ආධාරකරුවකු සොයා ගැනීමට ගත් අසාර්ථක උත්සාහයට පසු මම යළිත් චිත්‍රපට සංස්ථාවට ඔවුන්ගේ තීරණය ගැන යළි සලකා බලන ලෙස ඉල්ලා ලිපිියක් යොමු කෙරුවෙමි. තවමත් මට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. චිත්‍රපට සංස්ථාවේ කුමුදු මහත්මිය මගේ දෙවැනි ලිපිය අදාළ දෙපාර්තමේන්තුවට යොමු කළ බව දැන්වුවත් අද වෙන තුරුත් ප්‍රතිචාර නැත. වසර 2009 අගෝස්තුවේදී මම ලංකාව අත්හැර කැනඩාවේ ස්ථිර පදිංචියට ගියෙමි. චිත්‍රපට සංස්ථාවෙන් එවූ ලිපියේ සඳහන් කර තිබුණේ 2006 කාල වකවානුවේදී මා රට හැර ගිය බවයි. කෙසේ වුවත් 'සැම්’ස් ස්ටෝරි' / සැමීගේ කතාවට උප සිරැසි යෙදීමේදී සහ හුවමාරු කටයුතුවලදී ජාතික චිත්‍රපට සංස්ථාවෙන් අවශ්‍ය ලියකියැවිලි ලබා දී මනා සහයෝගයක් ලබා දුනි. ජාතික චිත්‍රපට සංස්ථාව හරහා වාරණ සහතිකය ලබා දෙන මෙන් විමල් දේශප්‍රිය මහතාගෙන් මම ඉල්ලා සිටියෙමි. අප චිත්‍රපට සංස්ථාවට වාරණ සහතිකයේ පිටපතක් ලබා දුන් පසු සිදු වූ කාරණා ගැන විමල් මහතා දැනුවත් ද කියා නොදන්නෙමි. ජාතික චිත්‍රපට සංස්ථාවේ වර්තමාන සභාපති අශෝක සේරසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය රාජකාරි පටිපාටියෙන් බැහැර වී පවා 'සැමීගේ කතාව' හැකි ඉක්මනින් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ ගනී. මම ඉදිරියේදී කුමක් සිදුවේදැයි කියා බලා සිටිමි. රටට කීර්තියක් ගෙනා පුතකු රඟන සැමීගේ කතාවට සහයෝගය ලබා දුන්, ලබා දෙන සියල්ලන්ටම බෙහෙවින් ස්තුතිවන්ත වීමට මෙය අවස්ථාවක ්කර ගන්නෙමි.
ප්‍රියංකාර විතානාච්චි සැමීගේ කතාව සිනමාපටයේ අධ්‍යක්ෂ /නිෂ්පාදක 1449, කින්ස්ටන් පාර, 201, ටොරොන්ටෝ, ඔන්ටාරියෝ MIN IRS, කැනඩා |


