වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




නිල් චිත්‍රපටයට බල කළැයි ශෘති සැමියාව මරා දමලා

නිල් චිත්‍රපටයට බල කළැයි ශෘති සැමියාව මරා දමලා

‘ශෘති මිනීමරලා, සිරගත කරලා’. මේ පුවත සමඟ සිහියට නැගෙන්නේ ජ්‍යෙෂ්ඨ නළු කමල් හසන්ගේ තාරකා දියණිය ශෘති හසන්ය. එහෙත් මේ ශෘති ඇය නොවෙයි. දකුණු ඉන්දීය නිළියක වූ විසි දෙහැවිරිදි ශෘති චන්ද්‍රලේඛායි.

ශෘති සිරභාරයට ගැනුණේ මීට මාස හයකට පෙර බැංගලෝරයේ මරා දමන ලද ඇයගේ සැමියාගේ මරණයේ චූදිතයා වශයෙනි. තිස් පස් හැවිරිදි එස්. රොලන්ඩ් පීටර් ප්‍රින්සො ඇයගේ සැමියා විය. ව්‍යාපාරික කටයුතුවලින් පාඩු ලබන විට රොලන්ඩ් නිල් චිත්‍රපට නිෂ්පාදනයට අත ගැසීමට තීරණය කර ඇත. ඔහු ඇයව ද නිළියක ලෙසින් යොදා ගැනීමට බලාපොරොත්තු විය. මෙයට ශෘති කෙතරම් ප්‍රතික්ෂේප කළත් සැමියා එකඟ නොවීය. අනතුරුව ඇය රොලන්ඩ්ට වස දී මරණයට පත් කරන ලදී. ඔහු මියගිය පසු වළලා දමන ලද්දේ සැමියාගේ ව්‍යාපාරයටම සම්බන්ධ පස් දෙනකුගේ සහායෙනි.