වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

බලනවා නම් චිත්‍රපට

නැවතත් ක්‍රියාදාමයට

ද නොවැම්බර් මෑන් (The November Man)

උසස් සී. අයි. ඒ. නිලධාරියකු වන පීටර් තම සේවා කාලය නිමවා ස්විස්ටර්ලන්තයට ගොස් නිදහස් ජීවිතයක් ගත කරයි. එහෙත් ඔහුගේ කලින් ප්‍රධානියා නැවත ඔහු මෙහෙයුමකට කැඳවයි. එහිදී ඔහුට මුහුණ පාන්නට සිදු වනුයේ නොසිතූ විරූ අත්දැකීමකටය.

ත්‍රාසජනක කතාවක් තේමා වී ඇති නොවැම්බර් මෑන් ජනප්‍රිය නළු පියෙරෙස් බ්‍රොස්නන් සම ඟ ලුක් බ්රූක්ලි, ඔල්ගා කුරිලැන්කෝ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.

මෙය ජනප්‍රිය චිත්‍රපට රැසක් තැනූ රොජර් ඩොනල්ඩ්සන්ගේ අධ්‍යක්ෂණයකි.

නිසල දිවියක් සසළ කළ (Sarabham)

අරුන් මෝහාන් අධ්‍යක්ෂණය කළ නවතම දෙමළ චිත්‍රපටයයි සරබහම්. ගෘහ නිර්මාණ සමාගමක කළමනාකරුවකු වන වික්‍රම් නමැත්තකු වටා ගෙතුණ මෙය නවීන් චන්ද්‍ර, ආදුකාලම් නරේන්, කාදල් කන්නන් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී ඇත.

පළමුව ආත්මාරක්ෂාව

ස්ට්‍රීට් ෆයිටර් (Street Fighter)

සටන් කලාව ප්‍රගුණ කරන අයටත් ත්‍රාසජනක සටන් නැරැඹීමටත් ප්‍රිය කරන ඩී. වී. ඩී. ප්‍රේක්ෂකයාට සුදුසු චිත්‍රපටයක් ස්ට්‍රීට් ෆයිටර් චිත්‍රපටය.

ජෝයි මුන්යා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි අකිරා කොයියාමන්, ක්‍රිස්ටියන් හෝවාඩ්, මයික් මෝ(හ්) රංගනයෙන් දායක වන අතර ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රගුණ කරන රේ සහ කෙන් නැමති තරුණයන් දෙදෙනකු සහ ඔහුගේ ගුරුවරයා වටා මෙහි කතාව ගෙනී ඇත.

තම සටන් ගුරුවරයා වන ගෝකන්ගේ රහසිගත අතීත ජීවිතය සමඟ රේ සහ කෙන් හට මුහුණදීමට සිදුවන බිහිසුණු සිදුවීම් පෙළක් ස්ට්‍රීට් ෆයිටර් සඳහා පාදක වී ඇත

හොඳට දුවන පොරියාලන් (Poriyaalan)

හරිල් කල්යාන්, ආනන්දි, අජේ රාජා, අචුටා කුමාර් ආඩු කලම්, නදින් මොහාන් සමඟ රූබන් රංගනයෙන් දායක වී ඇති පොරියාලන් මේ දිනවල වෙළෙඳ පොළේ ලබා ගත හැකි නවතම ඩී. වී. ඩී. පටයකි.

පොරියාලන් තනු කුමාර්ගේ අධ්‍යක්ෂණයකි.

ඈත ගමක වටපිටාව

ෆයින්ඩින් ෆනි (Finding Fanny)

මේ දිනවල ශ්‍රී ලංකාවේද තිරගත වන නවතම හින්දි චිත්‍රපටයයි ෆයින්ඩින් ෆනි චිත්‍රපටය.

හෝමි මුදජානියා අධ්‍යක්ෂණය කළ ෆයින්ඩින් ෆනි හින්දි සිනමාවේ විශිෂ්ඨ රංගධරයකු වන නස්රුදින් ෂා සමඟ දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වී ඇත. සෙසු චරිත රංගනය අරුන් කුමාර්, පන්කාජ් කපූර් සහ කලක් හින්දි සිනමාව බැබල වූ ඩිම්පල් කපාඩියා රංගනයෙන් එක් වී ඇත.

ඩිම්පල් කපාඩියා රඟපෑ ආරාධනා වැනි හින්දි චිත්‍රපට නැරැඹූ ප්‍රේක්ෂකයාට ෆයින්ඩින් ෆනි මහත් ආස්වාදයක් ගෙන දෙනු ඇත. මෙය දිනේෂ් විජන් නිෂ්පාදනය කර ඇත.

ගෝවා ප්‍රදේශයේ ගමක් වටා ගෙතුන අපූරු කාන්තරයක් වන ෆයින්ඩින් ෆනි මෑත භාගයේ තිරගත වූ විශිෂ්ට චිත්‍රපටයකි.

සිගරාම් තෝඩු (Sicaram Thodu)

ඉන්දීය සිනමාවේ නව පරපුරේ ජනප්‍රිය නළුවකු වන වික්‍රම් ප්‍රබූ, මුරලි පාන්ඩියන් ලෙස රඟන සිගරාම් තෝඩු මේ දිනවල දකුණු ඉන්දියාව පුරා ජනප්‍රිය චිත්‍රපටයකි.

මෙහි වික්‍රම් ප්‍රබූ සමඟ සත්‍යරාජ් මෝගල්, ගජාර්, කේ. ඒ. රවි කුමාර්, සතිස් සමඟ කේ. සී. ආනන්ද් රංගනයෙන් දායක වී ඇත.

මෙය ගෞරව් ගේ අධ්‍යක්ෂණයකි. ආබාධිත පොලිස් නිලධාරියකුගේ පුතකු වටා ගෙතුන මේ චිත්‍රපටය ත්‍රාසජනක කතාවක් ඇතුළත් චිත්‍රපටයකි.

ක්‍රීචර් (Cresature)

හින්දි සිනමාවේ තවත් සාර්ථක අධ්‍යක්ෂණයකි. වික්‍රම් භාත් අධ්‍යක්ෂණය කළ නවතම හින්දි චිත්‍රපටයයි ක්‍රීචර්.

අලුතින් ආරම්භ කරන ලද නවාතැනක ලැගුම් ගැනීමට එන අය දෙස තවක් යමෙකු බලා සිටියි තේමාවෙන් නිර්මාණය වි ඇති ක්‍රීචර් චිත්‍රපටය අද්භූත සහ හොල්මන් ගැන කියවෙන චිත්‍රපටයක් වන අතර මෙය භූෂාන් කුමාර්ගේ නිෂ්පාදනයකි.

බිපාෂා බාසු සමඟ ඉම්රාන් අබ්බාස් මෙහි රංගනයෙන් දායක වී ඇත.