වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

මේ අමන ක්‍රියා නවතනු

නන්දා මාලිනීගේ සහ සුජාතා අත්තනායකගේ ඔන්චිල්ලා තොටිලි කොහින්දෝ යන ගීත කොහේදෝ සිට ආව පිරිමි හෝ ගැහැනු නොවන හඬකින් කෙනෙකු ගයයි. එවැනි හරවත් අර්ථවවත් ගීත මෙලෙස විනාශවීමට ඉඩ හැරීම නන්දාට සහ සුජාතාට කරන බලවත් නිගාවකි. මෙවැනි අමන ක්‍රියාවන්ට ඉඩ නොදීම අප කාගෙත් වගකීමකි.
 

කල්‍යාණ ජයනෙත්ති

මැටරඹ

උණවටුන

පවුලේ එකට සිට

දෙරණ නාලිකාවෙන් දිග හැරෙන බෝයිස් ඔවර් ෆ්ලවර්ස් පවුලේ සියලු දෙනාට එකට සිට නැරැඹිය හැකි නාට්‍යයකි.
 

වියානි ගුණවර්ධන

නිලන්ත

වයානි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

වෙන්නප්පුව

ඉතිහාසයේ නව මානයක්

සුගත් සමරකෝන්ගේ ඇහැළේපොළ කුමාරිහාමි සිනමාපටය අපව ඉතිහාසයේ නව මානයක් සොයා දුන් නිර්මාණයක් වැනිය. එහි පිටපත් තිස් පහක් නොව පිටපත් සියයක් බෙදා හැරියත් කමක් නැත්තේ මෙවැනි සිනමාපට රටට අවැසි බැවිනි.
 

උදයන්ත සිරිසේන

රුවන්වැල්ල

එහෙම එපා

සමහර කලා ශිල්පීන්ට සුබපතන්න කෝල් කළාම ඇයි ප්‍රතිචාරයක් නැත්තේ. එහෙම රසික රසිකාවන්ට කතා කිරීමට බැරි කලාකරුවෝ උපන් දින තීරයට දුරකතන අංක දෙන්න එපා.
 

සරත් සේනාධීර

ජාඇල

ඉතිහාසයට ගිය ගීත පොත්

මෙරට චිත්‍රපට තැනීම ආරම්භයේ සිට අවුරුදු තිහක් පමණ යනතුරු ඒ චිත්‍රපටවල ගීත පොත් මුද්‍රණය කර ඉතා අඩු මුදලට විවේක කාලයේදී වෙළෙඳුන් විසින් අලෙවි කරනු ලැබිණ. එකල සිනමා ශාලාවන් අවට ගීත පොත් බහුලව අලෙවියට තබා තිබිණ. චිත්‍රපටයක් නරඹන අප ගීත පොතක් මිලදී ගන්නේ නිරායාසයෙනි. මුලදී ගීත පොත් වැඩි හරියක් මුද්‍රණය කළේ පිටකොටුවේ පොන්නයියා පිල්ලේ සමාගමෙනි. ඒ හැර බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සහ සිරිසේන විමලවීර වැනි චිත්‍රපට නිෂ්පාදකවරු ද ගීත පොත් නිකුත් කළහ. පසුකාලීනව කැසට්, සී. ඩී. පැමිණි පසුව ගීත පොත් කලාව අතුරුදන් විය. එහෙත් ඒවා හි සුන්දර මතකය නම් සැමදාමත් නොමැකී පවතිනු ඇත.
 

එස්. කේ. ජයවර්ධන

වත්තේගම

 

හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

දයා විමලවීර ගැන යමක්

පසුගිය දිනෙක හිරු ටී. වී. නාලිකාව ඔස්සේ විකාශය වූ උත්තරීතර වැඩ සටහන චිත්‍රපට අධ්‍යක්ෂ දයා විමලවීර මහතාට පිදුම් ලද්දක් විය. එය නරඹා මා ඉතා සන්තෝෂ වූයේ ඔහු දශක ගණනක සිට අප සිත් පිනවා හොඳ චිත්‍රපට අපට තිළිණ කළ අධ්‍යක්ෂවරයකු නිසාය. නමුත් දුකට කරුණ ඔහු පිළිබඳ කිසිම විස්තරයක් වැඩි වශයෙන් පළ නොවීමයි. සිනමාවට අනේක මෙහෙවරක් ඉටු කළ එතුමාව උත්තරීතර වැඩසටහනින් ඇගයීම උතුම් ක්‍රියාවකි.
 

ගාමිණී ප්‍රනාන්දු සහ බෙලිඅත්ත ත්‍රීවිල් නැවතුම්පොළේ සහෝදරයන්

පාලිතගේ

ධර්මපාල හොඳයි

මෙතෙක් පාලිත සිල්වා චිත්‍රපටවල රඟපෑවත් සුදුසුම චරිතයකට සනත් අබේසේකර ඔබව තෝරා ගෙන ඇත. ඔබ අනගාරික ධර්මපාල චිත්‍රපටයේ අපූරුවට රඟපෑම රසික අපට ආඩම්බරයෙන් කතා කළ හැකි කරුණකි.
 

දයානන්ද ද සිල්වා

හික්කඩුව

අමිලා දේදුණු පායා

අමිලා නදීශානි යුග ගායනයෙන් එක්වන දේදුනු නාට්‍යයේ දේදුන්න පායයි ගීතය ඉතාම ලස්සනයි. එහි ඉවසුවා, තරහ නෑ, ආදරෙයි යන කොටස් ඔබ ආදරණීයව ගයනවා.
 

බී. පී. ගම්මුදලි

කඩුගන්නාව

මාලිගාතැන්න

එකට මොනවාද දෙකට මොනවාද

ජනප්‍රසාදය ඉහළින්ම දිනාගත් විවිධ වූ නම්වලින් හැඳින්වෙන බොහෝමයක් රූපවාහිනී නාලිකා එකකට එකක් පරයා නොයන සේ රාත්‍රී හතේ සිට දහය දක්වා පෙන්වන ඕනෑම දහජරාවක් නරඹපල්ලා යයි කියමින් ඒ කාලය තුළ මිලියන ගණනක් වටිනා තෑගි බෝග මහ ඉහළින් පිරිනමති. බලෙන්ම තම තමන්ගේ නාලිකා වෙත රඳවා තබා ගනිති. බලධාරීන් ජනතාවට රිසි සේ රූපවාහිනි වැඩසටහන් තෝරා බේරාගෙන නැරුඹීමේ අයිතියට වැඩ කඩොලු බඳිති. තමන් අංක එකේ රූපවාහිනී නාලිකාව බවට පත් කර ගැනීමේ තරඟ පොරයක නියැලී සිටීම කණගාටුවට හේතුවකි. මෙම වාතාවරණය යටතේ ප්‍රේක්ෂක ජනතාවට අංක එකේ රූපවාහිනි නාලිකාව කුමක්දැයි කියා තවමත් සිතා ගැනීමට නොහැකි වීම විශාල ප්‍රශ්නයක් වී ඇත.
 

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

බටහිර අධිකාරිමුල්ල

දූනගහ

පුඤ්ඤාසෝම ගැන තව කතාවක්

කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයක් ද නැතිනම් ගෞරවනීය පොලිස් දෙපාර්තමේන්තුවට අයත් පොලිස් නිලධාරියකු හා තවත් නිලධාරීන් හෑල්ලුවට ලක් කිරීමට සෑදූ තේරුමක් නැති චිත්‍රපටයක් ද යන්න ගැටළුවකි.
 

කේ. කේ. චමින්ද කුමාර

ඉහළගම

දෙණියාය

රාවණාට තුති

මහා රාවණා රජුගේ ජීවිත කතාවේ සුවිශේෂී සන්ධිස්ථාන අළලා නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන මහා රාවණා චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට සැරසෙන සුගත් සමරකෝන්ට සහ නිෂ්පාදනය කරන ගයාන් රණධීරට සියක් වාරයක් තුති.
 

තිලකරත්න විල්වල

කෑගල්ල

S.M.S.

මා නම් ආස එම්. එස්. ප්‍රනාන්දුගේ ගීත ඔහුගේම කටහඬින් අහන්න. වෙන අය එම්. එස්. ගේ ගී ගැයුවට ඒ රසය එන්නේ නැහැ.
 

රසිකා ආරච්චිකට්ටුව

සිංහල සිනමාවේ මීළඟ නිළි රැජන වන්නේ වෙන කවුරුවත් නෙවෙයි දුලානි අනුරාධා අක්කි. කිසි කෙනෙකුට බැහැ දුලානිව අභිබවා යන්න. අනික නිළි රුජනක් වෙන්න පුළුවන් අංක එකේ නිළිය ඇයයි.
 

නිලුකා

අවිස්සාවේල්ල

ලක්හඬ ජෝති රාත්‍රිය නතර කළේ ඇයි. ආයේ පවත්වන්න.
 

සුදත්

මීගමුව

හුස්ම හා ඔක්සිජන් ටෙලි නාට්‍යය වෙනස්ම ආරයේ වින්දනාත්මක හා කොළඹ සමාජයේ යථාර්ථය පෙන්නුම් කරන්නකි. ඒකාකාරී මෙගාවලින් මිදී නිර්මාණකරුවන් මෙවන් වූ නිර්මාණ කරන එක ගැන සතුටුයි.
 

එම්. එස්. වීරසිංහ

මතුගම

කාවිංග පෙරේරාට,
පාරාවළලු නාට්‍යයේ ඔබේ රගපෑම හරිම ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේම දෙබස් හරිම පැහැදිලියි.
 

ප්‍රනීතා පෙරේරා

මොරටුව

කලාකරුවන් හිතන තරම් සුන්දර නැහැ. ඔවුන්ගේ ඇතැම් අය රසික රසිකාවන්ට කැමැති නැහැ. මම දන්නේ නැහැ ඇයි ඒ කියලා. අනේ අපේ කලාකරුවන්ගේ මුහුණේ ලස්සන හදවතේ ඇත්නම්.
 

ලක්මාලි

වරකපොළ

දේදුනු ටෙලි සිතුවම හොඳයි. එහි සංකේත් සහ තරුෂිගේ රංගනය ද සැලකිය යුතු මට්ටමක තියෙනවා.
 

චලනි

අවිස්සාවේල්ල

දෙරණ සිටි ඔෆ් ඩාන්ස් ප්‍රෝග්‍රෑම් එක ප්‍රසන්ට් කරන්න වෙන කාටවත් නැතුව විශ්ව ලංකා අයියට දුන්නා නම් මරු.
 

ලක්ෂාන්

කැලණිය

මිල්ටන් මල්ලවආරච්චි අප අතරින් වෙන් වී සෑහෙන්න කල් ගත වුණත් ඔබ ගීත හැමදාම ජීවමානයි. මම එදත් අදත් කැමැතිම ගායකයා ඔහුයි. මා පතන්නේ ඔහු අප අතරේ නැවත ඉපදෙන්න කියායි.
 

ලක්මාලි

අලව්ව

පාලිත සිල්වා නම් අපගේ ආදරණීය රංගන ශිල්පියාණෙනි, ඔබගේ රංගනය කොතෙක් විශිෂ්ටදැයි කියන්නට වචන නැත. අනගාරික ධර්මපාල චිත්‍රපටයෙන් ඔබ ඒ බව නැවතත් ඔප්පු කළා. මා හිතන්නේ ධර්මපාලතුමන්ගේ චරිතය ඔබ හැර වෙන කිසිම අයකුට නිරූපණය කරන්නට බැහැ.
 

මධුශිකා සඳරුවනි

කඩුවෙල

හිරු නාලිකාවේ විකාශය වන කොපිචැට් වැඩසටහනට දමිත් අසංක අයියවත් ගෙන්වන්නකෝ.
 

ප්‍රියදර්ශනී

කුරුණෑගල

හෙළ නිළි රැජන මාලිනියගෙන් පසුව සිංහල සිනමාවේ දෙවැනි නිළි රැජන දිල්හානි අශෝකමාලා ඔබ පමණි.
 

සංඛ

පානදුර

සිනමාවේ දඟකාරිය ශේෂද්‍රි පුංචි තිරයේ අහිංසකාවිය ඩිනක්ෂි. ඔබ දෙපොල එකම ටෙලි නිර්මාණයකින් දකින්න ආසයි.
 

පසිඳු

මහර

සුපර්ස්ටාර් දසුන් මධුසංක දැන් කෝ? ඔහු සුපිරි තරුව වුණ දවස්වල නම් ඕනෑ තරම් දැක්කා. ඒත් දැන් ඔහු අනිත් තරු වගේ බැස ගිහින් වගේ පෙනෙන්නේ.
 

සිහින

අලුත්ගම

වෙනස වැඩසටහන ගෙනෙන දිල්ෂාන් සහ සම්පත් වෙතටයි. දැන වෙනස කලින් වගේ ඔබ දෙපොළ උවමනාවෙන් කරන බවක් පෙනෙන්නට නැහැ. ප්‍රසන්ට් කරන විදිහේ වෙනසක් කරපු ඔයාලා දැන් ඇයි ඒ ක්‍රමය නැවැත්තුවේ. ඒක වැඩසටහනට ලොකු අඩුවක් වගේ දැනෙනවා.
 

එම්. එස්. විරසිංහ

මතුගම

නවක නළු නිළියන්ව තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඔක්කොම තියෙන්නේ කොළඹ. ඇයි ඒවා ගම් පළාත්වලත් තියන්න බැරි. කොළඹට කිරි, ගමට කැකිරි.
 

කේ. එස්. කුමාරි

ජී. ජී. සංජීවනී

නුවර

සුරාජ් මාපගේ අති ප්‍රබල රංගනයක් කළු අරලිය නාට්‍යයෙන් අපි දුටුවෙමු. අධ්‍යක්ෂවරුනි නව පරපුරේ අයට නිතර දෙවේලේ දකින පෙම්වතුන්ගේ චරිතය වෙනුවට එවන් වූ නවමු චරිත ලබා දෙන්න.
 

චතුරංග

හංවැල්ල

අපේ සිනමාවේ මෑණියෝ ඔබයි. අයිරාංගනී සේරසිංහ මහත්මියනි, ඔබට චිරං ජයතු.
 

සුමිත් වීරක්කොඩි

හොරණ

සිංහල සිනමාවේ කලක් නැතුවම බැරි හාස්‍යොත්පාදක රංගන ශිල්පියකු වූ මහේෂ් ජයසිංහ රඟපෑ චිත්‍රපට රැසක්ම මම නරඹා ඇත්තෙමි. අප ආසයි නැවතත් ඔහුව චිත්‍රපටවලින් දකින්න.
 

සෙව්මිණි ජයතුංග

කටුනායක

සඳුන් රාජකරුණාගේ උතුම් පැතුම් පුංචි තිරයට උතුම් ටෙලි නාට්‍යයකි.
 

සඳකුමාරි

කඩවත

කණ්ඩායම් සංගිතය කියලා රසවත් කලාවක් ඉස්සර තිබුණා. ඒකට දැන් ? කොත්තු සංගීත කලාවක් තමයි වර්තමානයේ තියෙන්නේ. කොත්තු කඩයකයි එවන් සංගීත කණ්ඩායම් පවත්වන ප්‍රසංගයකයි වෙනසක් නැහැ.
 

වාසනා

මාළිගාවත්ත

ප්‍රතිචාර ක්ෂණිකව එවන්න 0752805047 අංකයට.
ප්‍රතිචාර තැපැල් හෝ සටහන් පත් මඟින් නම්
ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය විවෘතව පවතියි.