වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




පොලිස් පහරදීමෙන් සනෝජා කැළඹිලා

පොලිස් පහරදීමෙන් සනෝජා කැළඹිලා

සනෝජා බිබිලේගේ හිත මේ දවස්වල ටිකක් කැළඹිලා. අනුන්ගේ දුක ඉදිරියේ සංවේදී වන ඇය පසුගියදා වුණු සිදුවීමක් දැකලා මහත් වූ කම්පනයකිනුයි සිටින්නේ. සනෝජා සසල වූ සිතින් අපට ඇමතුමක් දුන්නා.

‘පසුගියදා රත්නපුරයේ බස් නැවතුම්පළ අසල කාන්තාවකට පොලිස් නිලධාරියකු පහර දුන්නා. මං ඒ සිද්ධිය සම්පූර්ණයෙන් හෙළා දකිනවා. ඇත්තටම කාන්තාවකට එහෙම පහර දෙන්න පුළුවන් ද? විශේෂයෙන් පොලිස් නිලධාරියකුට. අපි මෙහෙම හිතමු. ඒ කාන්තාව වැරදිකාරියක් වෙන්න ඇති. නමුත් මේ රටේ නීතියක් කියලා දෙයක් තියෙනවානේ. ඒ මගින් ඇයට දඩුවම් දිය යුතුයි. අනික පොලිස් නිලධාරියෝ නේද නීතිය රකින පුද්ගලයන්.

ඉතින් ඔවුන් මෙහෙම වැරැදි කරද්දී අනිත් මිනිස්සු මොනවා නොකර ඉඳියි ද. මං බය නැතුව මේ දේ කියන්නේ සමස්ත කාන්තාවන්ට අයේ අසාධාරණයක් නොවෙන්න නිලධාරි මහත්වරුනි කොන්දක් ඇතුව වැඩ කරන්න. මට එහෙම අර කාන්තාවට ගහපු කෙනාව මුණ ගැහුණොත් හොඳ වැඩක් කරනවා. මගෙන් තමයි ඔහු හොඳ පාඩමක් ඉගෙන ගන්නේ.’