වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




තන්හා රතී රඟා සෙන්ට් පීටර්ස්බර්ග් උළෙලට

තන්හා රතී රඟා සෙන්ට් පීටර්ස්බර්ග් උළෙලට

නිලේන්ද්‍ර දේශප්‍රියගේ කුලුඳුල් සිනමාපටය තන්හා රති රඟා තවත් ජාත්‍යන්තර සිනමා උළෙලක් නියෝජනය කිරීමට අවස්ථාව උදා වී තිබේ. ඒ රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් සිනමා උළෙලයි. එහි මෙරට මංගල ප්‍රදර්ශනය මෙම මස 17 වැනිදා පැවැත්වෙනු ඇත. ජාත්‍යන්තර සිනමා උළෙලයන් කිහිපයකින්ම හොඳම චිත්‍රපටය ලෙස අභිසෙස් ලැබූ මෙය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ තිර රචනයකි. සම අධ්‍යක්ෂණයෙන් මෙන්ම සම නිෂ්පාදනයෙන් නතාෂා ඩ්‍රීම් එක් වී සිටියි. නිලේන්ද්‍ර, සුනිල් ටී. ප්‍රනාන්දු සහ එච්. ඩී. ප්‍රේමසිරි තන්හා රති රඟා හි නිෂ්පාදකවරුන්ය. ධනුෂ්ක ප්‍රේමතිලකගේ කැමරා අධ්‍යක්ෂණයයි. රොබිනේවිස් නිෂ්පාදන සැලසුම්කරණ ශිල්පියාය. හීනටිගල ප්‍රේමදාසගේ කලා අධ්‍යක්ෂණයකි. රේණුකා බාලසූරිය විධායක නිෂ්පාදකවරියයි. නාරද ධනංජි තොටගමුවගේ අංග රචනයකි. තපස් නායක් ශබ්ද සැලසුමෙන් ද, සහාය අධ්‍යක්ෂණයෙන් වෙරෝනිකා මාරසිංහ ද මේ සඳහා දායකත්වය සපයා තිබේ.

සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, දයාදේව එදිරිසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, කමල් අද්දරආරච්චි, ඇඩම් ආදමලි තන්හා රති රඟා රංගනයෙන් හැඩ කරයි.