වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ජේ.ලෝ.ට අනතුරක්

ජේ.ලෝ.ට අනතුරක්

ජෙනිෆර් ලෝපේස්හට පසුගියදා අනතුරකට මුහුණ දෙන්නට සිදු වුණා. ඒ ඇය සිය හොඳම මිතුරිය වූ ලියා රේමින් සහ සිය දරු දෙදෙනා සමග ගමන් ගනිමින් සිටියදයි මේ අනතුරට මුහුණ දී තියෙන්නේ.

වේගයෙන් පැමිණි පික්අප් රථයක් ජෙනිෆර් ගමන් ගත් වාහනයේ වැදි නොනවත්වා ධාවනය කර ඇති අතර මේ අනතුරෙන් ජෙනිෆර් ඇතුළු වාහනයේ ගමන් ගත් කිසිවෙකුහටත් තුවාල සිදු වෙලා නැහැ.

ඇය ඒ අවස්ථාවේදීම ආරක්ෂක අංශ දැනුවත් කර ඇතත් පික්අප් රථය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නම් හැකි වෙලා නැහැ.