වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




හිරු ගෝල්ඩන් සම්මාන උළෙලට බොලිවුඩයෙන් සුපිරි තරු

හිරු ගෝල්ඩන් සම්මාන උළෙලට බොලිවුඩයෙන් සුපිරි තරු

වසර ගණනාවකට පෙර සරසවිය සම්මාන උළෙල සඳහා එවකට ඉන්දියානු සුපිරි නළු නිළියන් සහභාගී විණ. මෙරට සිනමා සම්මාන උළෙලයන්හි සම්ප්‍රදායන් ගොඩ නැගූ සරසවියේ සම්ප්‍රදාය තවත් ඉදිරියට යමින් මෙරට සිනමා සම්මාන උළෙලවල් අතරට එන අලුත් සාමාජිකයා ‘හිරු ගොල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2014’ ය. මෙම සම්මාන උළෙල ඔක්තෝම්බර් මස 25 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. ඒ අනුව මුල්ම ‘හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2014’ සඳහා ඉන්දීය බොලිවුඩ් තරු ද ලාංකේය සිනමාවේ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් ද සහභාගිවීමට නියමිතය.

බොලිවුඩ් සිනමාවේ දශක ගණනක තම රංගන ප්‍රතිභාව පෙන් වූ රංගන ශිල්පී සුනිල් ෂෙට්ටි ද, හින්දි සිනමාවේ ආදරවන්තයා අනිල් කපූර් ද, හින්දි සිනමාවේ නව පරපුරේ සරාගීම නිළියක් ලෙස නම රැන්දූ බිපාෂා බාසු ද, ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනූ රංගන ශිල්පී විවේක් ඔබ්රෝයි සහ හින්දි සිනමාවේ ප්‍රේමනීය ගී හඬක් හිමි චිත්‍රපට පසුබිම් ගායිකා අල්කා සාග්නික් ද මෙම උළෙළ සඳහා සහභාගී වේ. ‘හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2014’ ලාංකේය සිනමාව හෙට දවසේ ජාත්‍යන්තර සිනමා තරු අතරට මෙරට සිනමා රංගන තරු ඔසවා තබන තවත් මහඟු පියවරක් වනු ඇත.