වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ෆොටෝ - ෂොප් වැඩක්

ෆොටෝ - ෂොප් වැඩක්

අමෙරිකානු නළු එඩී කීබ්‍රෙන් සිය දරුවන් දෙදෙනා සමගින් සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හැරලා. ඒ ඔහුගේ බිරිඳ ලියෑන් රයිස් විසිනි. මේ ඡායාරූපයේ කීබ්‍රෙන් සහ දරුවන් දෙදෙනා සමගින් ලිඇන් ද සිටිනවා. එහෙත් මේ ඡායාරූපය සංස්කරණය කළ ඡායාරූපයක් බවයි කියවෙන්නේ.

එය තවත් අයෙකුගේ ඊර්ෂ්‍යාවට ලක්වීම පිණිස ලිඈන් සිය ට්විටර් වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙනවා. ඒ එඩී කීබ්‍රෙන්ගේ කලින් විවාහයේ බිරිඳ වන බ්‍රැන්ඩි ග්ලැන්විලි.

ඇයගේ සහ එඩීගේ දරුවන් දෙදෙනා සමගින් තමා සතුටින් සිටින බව පෙන්නුම් කරන්නට ලියෑන් මෙලෙස එඩී සිය පුතුන් දෙදෙනා සමග සිටින ඡායාරූපයට තමාගේ රුවත් එකතු කර නිර්මාණය කරලා තියෙනවා.