වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




විජය වෙනුවෙන් ‘විජය - ජෝති ගී සැඳෑව’ ටවර් රඟහලේදී

විජය වෙනුවෙන් ‘විජය - ජෝති ගී සැඳෑව’ ටවර් රඟහලේදී

විජය කුමාරණතුංගයන්ගේ 69 වැනි ජන්ම සැමරුම වෙනුවෙන් ‘විජය - ජෝති ගී සැඳෑව’ මෙම 09 වැනිදා සවස 5.30 ට ටවර් රඟහලේදී පැවැත්වේ.

ඩබ්ලිව්. ප්‍රේමරත්න, රන්ජන් රාමනායක, ක්ලීටස් මෙන්ඩිස්, කීර්ති පැස්කුවෙල්, රොජර් සෙනෙවිරත්න, රජිත හිරාන් (පිංපොන්), පුන්සිරි සොයිසා, මංජුල වර්ණකුලසූරිය, නිමල් ඇන්තනි, ජෝර්ජ් සේනානායක, සුරේෂ් ගමගේ, දිනේෂ් පි‍්‍රයසාද්, තිස්ස ඩයස්, ඉන්දුල ඩයස්, උපාලි චමින්ද, කුඩ්සි අහමඩ්, එස්. මාන්නප්පෙරුම ගී ගයන මෙහි සංගීතය යුද හමුදා වාදක මණ්ඩලයෙනි. යුග ගායනයෙන් ශි‍්‍රයානි දිසානායක, මේධා ධනංජනී, දිව්‍යා සොනාලි එක්වන අතර කථනය ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ගෙනි. සත්සර කලා පදනම හා ඒ. කරුණාපාල අනුස්මරණ පදනම ඉදිරිපත් කිරීමක් වන මෙය තිස්ස ඩයස්, සුනිල් කුමාර්, මනෝජ් ආරච්චිගේ සංවිධානයකි.