වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




හොරෙන් ගෙට රිංගා

හොරෙන් ගෙට රිංගා

හොලිවුඩ් නළු කීනු රීව්ස්ගේ නිවෙසට හොරෙක් ඇතුල් වෙලා. ඔහු ගේ නිවසේ පුස්තකාලයට මේ විදියට හොරෙන් ඇතුල් වෙලා තියෙන්නේ කාන්තාවක්. මේ වෙලාවේ කීනු රීව්ස් නිවෙසේ සිට ඇති අතර සද්දයක් ඇසීම නිසා විපරම්කර බැලීමේදි ඇය හසුවෙලා.

කීනු රීවුස් කියන්නේ සෙන් බුදු දහම අනුව සන්සුන් කිරීම ඉතා හොඳින් ප්‍රගුණ කළ අයෙක්. ඒ පිළිවෙල අනුව ඔහු මේ කාන්තාව අල්ලා පොලිස් භාරයට පත් කරලා. ඒ වෙලාවේ අදාල කාන්තාව කියලා තියෙන්නේ ඇය මේ සුපිරි නළුවා හමුවෙන්න ඔහුගේ නිවෙසේ පුස්තකාලයට ඇතුළු වූ බවයි.

ඒ වුණත් දැඩි ආරක්ෂාවක් යටතේ බලකොටුවක් ආකාරයෙන් නිර්මාණය කර ඇති මේ නිවෙසට කාන්තාවක ඇතුළු වූයේ කෙසේද යන්න විශාල ගැටළුවක් බවට පත් වෙලා.