වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




අවුරුද්දේ මුලට පරාවර්ථන

ජගත් චමිලගේ පුතු සමඟ නත්තල් ටෙලි නාට්‍යයක්

ජගත් චමිල සිය පුත් පන්සිළු පවන්ද සමඟින් මුල්වරට හඳුන්වා දෙමින් රංගනයට පිවිසෙන ‘අල්තාරය පාමුල’ නම් නත්තල් නාට්‍යය මේ මස 25 වැනිදා පෙරවරු 11.00 ට හිරු ටී. වී. නාළිකාවෙන් විකාශය වේ.

මේ ටෙලි නාට්‍යය සඳහා බිමල් ජයකොඩි, නීතා සමරනායක ඇතුළු රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම රංගනයෙන් සහභාගි වේ. අල්තාරය පාමුල චාමර ජයවීරගේ අධ්‍යක්ෂණයකි. කැමරා අධ්‍යක්ෂණයෙන් මනීෂ ලෝචන ද, සහාය අධ්‍යක්ෂණයෙන් හා පිටපත් රචනයෙන් නිමන්ත ප්‍රසාර ද, වේශ නිරූපණයෙන් ප්‍රදීප් උදාකර ද කලා අධ්‍යක්ෂණයෙන් ශාන්ත මාතරආරච්චි ද, සංස්කරණයෙන් තිළිණ උදය කුමාර ද මේ නිර්මාණය සඳහා සහභාගී වේ. හිරු ටී. වී. නිෂ්පාදනයකි.