වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




කෑම පෙට්ටියට සම්මාන ලැබිලා

කෑම පෙට්ටියට සම්මාන ලැබිලා

චරිතාංග නළු ඉර්ෆාන් ඛාන්, දහවැනි ඩුබායි අන්තර් ජාතික සිනමාපට උළෙලේ දී මූර් ආසියා අප්‍රිකා විශේෂාංග අංශයේ හොඳම නළුවා විය. ඒ ‘ලන්ච් බොක්ස්’ රංගනයටයි.

ඉර්ෆාන්, බොලිවුඩය මෙන්ම හොලිිවුඩය ද ජය ගනිමින් සිටින නළුවෙකි. 2012 වසරේ තිරගත වූ ‘ද අමේසිං ස්පයිඩර් මෑන්’ අමෙරිකානු සිනමාපටයේ වෛද්‍ය රජිත් රාථා ලෙස රැඟුවේ ඔහුයි. ඔහු ‘ලයිෆ් ඔෆ් ප්‍රයි’ හොලිවුඩ් සිනමාපටයේ ද රැඟුවේය.