වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




ජනප්‍රිය වීම හිසරදයක්

ජනප්‍රිය වීම හිසරදයක්

රජකුට වාගේම සුපිරි ගායකයකුටත් සැනසිලිදායක නින්දකට ඉඩක් නැත. සුපිරි පොප් තරුව ජස්ටින් බීබර් ද දැන් පමණට වැඩි ජනප්‍රියකම නිසා වැටී ඇත්තේ විශාල අමාරුවකය. මේ දහනව හැවිරිදි ගායකයාට නිදා ගැනීම පවා කෙතරම් හිසරදයක් වී ඇත්දැයි කිවහොත් ඔහුගේ නිදා ගැනීම මුර කිරීමට ආරක්ෂක නිලධාරීන් යොදවා තිබේ.

රසිකයන් කාමරය කඩාගෙන තමන් සිටින තැනට ඒවියි යන බියජනක සිතිවිල්ලෙන් ඔහු නිරතුරු පිඩා විඳීයි. දිගටම නිදන කාමරයේ මුර සෙබළුන් තබා ගැනීමට ඔහු බලාපොරොත්තු වෙයි.

බිංදුවෙන් පටන් ගත් හැටි

දැන් ඇන්ජලිනා ජොලී, ජූලියා රොබට්ස්, විල් ස්මිත් වැන්නන් එක් සිනමා චරිතයකට ඩොලර් මිලියන 20 ක් පමණ අය කරති. එහෙත් ඔවුන් සිනමා ගමන ආරම්භයේදී උපයාගෙන ඇත්තේ කෙතරම් සුළු මුදලක් ද? ‘තෙල්මා ඇන්ඩ් ලුවිස්’ රංගනයට බ්‍රෑඩ් පිට්ට ගෙවා ඇත්තේ ඩොලර් හය දහසකි. එහෙත් ඕෂන්ස් ලෙවන් රංගනයට ඩොලර් මිලියන 30 ක් අය කරගෙන තිබේ. ලින්ඩ්සේ ලොහාන් ‘ද කැනියන්ස්’ රංගනයට උපයාගෙන ඇත්තේ ඩොලර් 6,480 ක මුදලකි.

ජිම් කැරිට ඉයස් මෙන් රංගනයට එක් ඩොලරයක්වත් ලැබී නැත. ‘ද පර්ජ්’ රංගනයට එතන් හෝවික්ට ද කිසිම ගෙවීමක් නොකළේය.

‘දි ඇවෙන්ජර්ස්’ වෙනුවෙන් ක්‍රිස් එවන්ස්ට ලැබුණේ ඩොලර් 2 – 3 කි. එහෙත් සිනමාපටය සර්වකාලීනව වැඩිම ආදායම ලැබූ සිනමාපටය වෙයි.


ෆ්‍රෝසන් ලංකාවේ

පරිගණක සජීවකරණ සංගීතමය ත්‍රිමාණ චිත්‍රපටයක් වන Frozen හෙට (20) සිට වැල්ලවත්ත සැවෝයි 3D සිනමාහලේදී තිරගත කිරීමට නියමිතය.

ක්‍රිස් බක් හා ජෙනිෆර් ලී අධ්‍යක්ෂණය කළ මෙහි ක්‍රිස්ටන් බෙල්, ඉඩ්නා මෙන්සෙල්, ජොනතන් ග්‍රොෂ්, ජොෂ් ගැඩ් ඇතුළු පිරිසක් මෙහි හඬ දායකත්වය ලබා දෙති.