වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




Top Ten Chart From Hollywood

Top Ten Chart From Hollywood

හොබිට් පෙරට

මෙවර අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහයේ පෙරමුණ ගෙන තිබෙන්නේ පීටර් ජැක්සන් අධ්‍යක්ෂණය කළ The Hobbit : The Desolation of Smaung චිත්‍රපටය යි. ත්‍රාසජනක කතා තේමාවක් රැගත් එය The Hobbit චිත්‍රපට මාලාවේ දෙවැන්නයි. ඉයන් මැක්ලෙන්, මාර්ටින් ෆ්‍රීමන්, රිචඩ් ආමිටේජ් රංගනයෙන් දායකවන මෙම චිත්‍රපටය පසුගිය සති අන්තයේදී අමෙරිකාවේ ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 73.6ක් උපයා තිබුණි.

දෙවැනි ස්ථානය හිමිවී තිබෙන්නේ හාස්‍යමය චිත්‍රපටයක් වන Frozen චිත්‍රපටයටයි. පසුගිය නොවැම්බර් 27 වැනිදා සිට අමෙරිකාවේ තිරගතවීම ආරම්භ කළ Frozen සිව්වැනි සති අන්තයේදී ඩොලර් මිලියන 22.6ක ආදායමක් වාර්තා කළේය. මෙම දර්ශකයේ තෙවැනි ස්ථානයට පැමිණ තිබෙන්නේ පසුගිය දෙසැම්බර් 13 වැනිදා අමෙරිකාවේදී තිරගතවීම ආරම්භ කළ ඒ Madea Christmas චිත්‍රපටයයි. හාස්‍යමය කතා තේමාවක් රැගත් මෙහි අධ්‍යක්ෂණය ටේලර් පෙරී විසිනි. පළමු සති අන්තයේදී එය ඩොලර් මිලියන 16ක ආදායමක් වාර්තා කළේය.

The Hunger Games : Catching Fire චිත්‍රපටය සිව්වැනි ස්ථානයේ රැඳී සිටින අතර සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 13.7ක්. දැනට සති හයක් පුරා බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ රැඳී සිටින Thor : The Dark World චිත්‍රපටය පස්වැනි ස්ථානයේ සිටියි. පසුගිය දෙසැම්බර් 06 වැනිදා අමෙරිකාවේ තිරගතවීම ආරම්භ කළ Out of The Furnace චිත්‍රපටයට හිමිව ඇත්තේ හයවැනි ස්ථානය යි. කේන් ස්කොට් අධ්‍යක්ෂණය කළ Delivery Man සහ ස්ටෙෆන් ෆෙ‍්‍රයර්ස් අධ්‍යක්ෂණය කළ Philomena චිත්‍රපට පිළිවෙලින් හත්වැනි සහ අටවැනි ස්ථානයන්හි රැඳී සිටියි.

අමෙරිකානු බොක්ස් ඔෆිස් පළමු චිත්‍රපට දහය අතරේ නමවැනි ස්ථානය The Book Thief චිත්‍රපටය හිමිකර ගන්නාවිට මෙම සති අන්තයේ දසවැනි ස්ථානය හිමි වූයේ ග්‍රේ ෆ්ලෙඩර් අධ්‍යක්ෂණය කළ  Homefront  චිත්‍රපටය යි. The Best Man Holiday සහ Dallas Buyers Club මෙවර පළමු චිත්‍රපට දහයෙන් ඉවතට ගිය චිත්‍රපට වේ.