වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




තමාගේම ඔට්ටුව

තමාගේම ඔට්ටුව

චාමර පීරිස් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ අනන්‍යතාවක් ගොඩනගා ගත් දක්‍ෂ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්. ඒ වගේම වෙනස් ආකාරයේ ටෙලි නිර්මාණ ඉදිරිපත් කිරීම ගැනත් චාමරට ඇත්තේ ඉහළ ප්‍රසිද්ධියක්.

ඒ වගේම ඔහු අධ්‍යක්‍ෂණය කළ ‘පියවි’ ටෙලි නාට්‍යය පසුගිය සුමති සම්මාන උළෙලේ හොඳම ටෙලි නාට්‍ය අතරට නිර්දේශ වෙලා තිබුණා. මේ දවස්වල තම නවතම ටෙලි නිර්මාණය ‘අව්රෝරා’ සමඟින් කාර්යබහුල වෙලා සිටින්නේ.

ඒ වගේම මේ දවස්වල බොහෝ දෙනෙකුට චාමරව හඳුනා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා කියලත් ආරංචියි. ඔහුගේ ටෙලි නාට්‍යවලට දායක වූ සමහර නළු නිළියන්ට පවා ඔහුව හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා.

ඇයි දන්නවද? එහෙම වෙලා තියෙන්නේ. චාමර දැන් රැවුල වවලා. චාමර දැන් මුහුණ පුරා රැවුල වවාගෙන ඉන්නේ. ඒ නිසා තමයි හඳුනා ගන්න බැරි. මේ විදියට චාමර හඳුනාගත් එක මිතුරෙක් චාමරගෙන් අහුවා ‘මොකද අයියේ ඔය විදියට රැවුල වවාගෙන ඉන්නේ කියලා. ‘මචං මං ඔට්ටුවක් ඇල්ලුවා’. චාමර කියන විටම මිතුරා ඇහුවේ ‘කාත් එක්කද උඹ ඔට්ටු ඇල්ලුවේ’ කියලා. ‘මං ඔට්ටු ඇල්ලුවේ මං එක්කමයි’ කියලා චාමර මහ හඬින් හිනා වුණා.