වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




ස්පන්දන ගී එළියට

ස්පන්දන ගී එළියට

සුනෙත් මාලිංග ලොකුහේවාගේ ස්පන්දන සිනමාපටයෙහි ගීත පසුගියදා එළි දැක්විණි. උදය ශ්‍රී වික්‍රමසිංහගේ සංගීතයට අනුපමා ගුණසේකර, උමාරියා සිංහවංශ සහ උදය මේ සඳහා හඬ මුසු කොට ඇත. නන්දන වික්‍රමගේ මෙහි ගී රචනා කළේය.

ළඟදීම තිරගතවීමට නියමිත ස්පන්දන හී මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, ගිහාන් ප්‍රනාන්දු, රොෂාන් රණවන, ශලනි තාරකා, දර්ශන් ධර්මරාජ්, නිමන්ති පෝරගේ, තිසුරි යුවනිකා, නිල්මිණි කෝට්ටේගොඩ, ගිවන්ත අර්ථසාත්, සඳුන් ලක්ෂිත් රංගනයෙන් දායක වේ.

මෙය ජගත් එම්. යාපාගේ නිෂ්පාදනයකි.