වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




කතෝලික කලාකරුවෝ සම්මාන ලබති

කතෝලික කලාකරුවෝ සම්මාන ලබති

ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, කලාසූරී ලතා වල්පොල, සුනිල් ලීනස්, හෙලන් සකුන්තලා යන කලාකරුවන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතින් පසුගියදා උපහාර තිළිණ ලැබූහ. ඒ කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඔවුන් කරන ලද සේවය අගයමින් අගරදගුරු මැදුරේ පැවති වාර්ෂික කතෝලික සුහද හමුවදාය. රෝයි - සුමනා, ක්ලීටස් මෙන්ඩිස්, රන්ජන් රාමනායක, එඩ්වඩ් – චරිතා ඇතුළු කලාකරුවන් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.

මෙයට සමගාමවීව ඇන්ටන් ජේ. ප්‍රනාන්දු විසින් රචිත නත්තල් ගීතිකා සංයුක්ත තැටිය, සාමයේ අරුණැල්ලහි පළමු පිටපත අගරුගුරුතුමන් වෙත ප්‍රදානය කරන ලදී.