වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




මම දේවිකා

මම දේවිකා

සිංහල වේදිකාවත්, ටෙලි නාට්‍යයත් ප්‍රභාවත් කළ ප්‍රවීණ රංගන ශිල්පිනියක් දේවිකා මිහිරාණී. එදා වගේම අදටත් පුංචි තිරයේ වගේම වේදිකාවේත් ඇයගේ ඒ රංගනයන් ඔබ අප කාටත් නරඹන්නට ලැබීම සතුටක්. පසුගිය දවසක දේවිකාට උත්සව අවස්ථාවකට ආරාධනා ලැබුණා. දේවිකා ඒ අවස්ථාවට සහභාගි වුණේ තනියම.

ඒ වගේම එදා එතැනට ඇවිත් හිටිය අනෙක් අය දේවිකා මීට කලින් දැන හඳුනාගෙන සිටි අය නොවෙයි. ඒ අතරේ නව පරපුරේ රංගන ශිල්පීන් එහෙමත් එතන ඉඳලා තියෙනවා.

තනිවම මෙහි කාලය ගතකරන අතරතුර ඇයට හමුවුණේ පැරැණි යහළුවෙක්. පාළුවෙන් සිටි දේවිකාට එය විශාල සතුටක් වුණා. දැන් ඉතිං මේ යහළුවා අනිත් අයට දේවිකාව හඳුන්වලා දෙන්න පටන් ගත්තා. ඒ හැමෝටම අතට අත දෙන ගමන් ඇය කිව්වේ ‘හඳුනා ගන්න ලැබීම සතුටක්. මම දේවිකා මිහිරාණි’ කියලයි.

දේවිකාව ඒ අයට හඳුන්වලා දුන්නට ඒ අය දේවිකා හඳුුනා නොගන්න හේතුවක් නැහැ නේ. ඉතිං දේවිකා මේ විදියට මම දේවිකා මිහිරාණි කියනකොට ඒ අය ඇයට කිව්වේ ‘අපි නම් ඔයා හඳුනනවා අක්කේ.

ඔයානේ ලංකාවේ පළමු ටෙලි නාට්‍ය නිළිය කියලා යි. ඒ කතාව ඇත්ත තමයි. ඒ වුණාට අද එක රැයකින් ජනපි‍්‍රය වෙලා තමන් නළුවෙක්, නිළියක් කියලා ආඩම්බරයෙන් ඉන්න අයට නම් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය කියලා දුන්නේ නිහතමානීකමේ අපූරු පාඩමක්.