වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




මහ රජ ගැමුණු ජනවාරියේ වැඩ අරඹයි

මහ රජ ගැමුණු ජනවාරියේ වැඩ අරඹයි

ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම නිර්මාණය මහරජ ගැමුණු සිනමාපටයේ වැඩ කටයුතු එළඹෙන ජනවාරියේදී ඇරැඹෙයි. ඔහු විසින් ඉතිහාසය ඇසුරු කර ගනිමින් පිටපත සැකසූ මෙහි නළු නිළියන් දහසකට අධික ප්‍රමාණයක් රංගනයෙන් දායකවීමට නියමිතය.

ගුණපාල රත්නසේකර මහරජ ගැමුණු හි නිෂ්පාදක ලෙස සිනමාවට එක්වෙයි. ජයන්තගේ සමනළ සංධ්වනිය සිනමාපටය මේ දිනවල අති සාර්ථකව දිවයින පුරා සිනමා ශාලාවන්හී ප්‍රදර්ශනය වේ.

ජයන්ත මහරජ ගැමුණු තිර නාටකය ඇසුරෙන් රචනා කරන ලද ග්‍රන්ථය පසුගිය කාලයේ මෙරට වැඩිම අලෙවියක් තිබූ ග්‍රන්ථයක් විය.