වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




චන්දික කැම්පස් ගිහින්

චන්දික කැම්පස් ගිහින්

චන්දික විජේසේන දැන් කාර්යබහුල ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්. ‘බොඳ මීඳුම්, ඉතින් ඊට පස්සේ’ වැනි ටෙලි නාට්‍ය කිහිපයක්ම ඔහු රසිකයන්ට තිළිණ කළා. මේවා සියල්ලක්ම ඉහළ ජනපි‍්‍රයත්වයක් ලැබූ නාට්‍ය වීමත් විශේෂත්වයක්. ඔහුගේ අලුත්ම ටෙලි නාට්‍යය ‘සිහින සින්ඩරෙල්ලා මේ දිනවල ඔබේ ආලින්දයේ සරසනවා.

ඒ අතරෙ අපට ආරංචි වුණා චන්දික මේ දවස්වල කැම්පස් එකක් ළඟ නිතර නිතර ගැවසෙනවා කියලා. මේ ගැන අපි ටිකක් හොයලා බැලුවම තමයි තේරුණේ මොකක්ද කාරණය කියලා.

මේ විදියට එයා ඉඳලා තියෙන්නේ ලොකේෂන් එකක් හොයන්න. ඒ සිහින සින්ඩරෙල්ලා ටෙලි නාට්‍යයේ ඉතිරි රූගත කිරීම් සඳහා. ඒ වෙනුවෙන් ඔහු තෝරා ගෙන තියෙන්නේ හොරණ ශ්‍රීපාලි මණ්ඩපය. දැන් ජයටම එහි ‘සිහින සින්නඩරෙල්ලා’ රූගත කිරීම් සිදුවෙනවා.