වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




දිලිප්ගේ උපන් දිනය

දිලිප්ගේ උපන් දිනය

පසුගිය දෙසැම්බර් 11 වැනිදා බොලිවුඩය සතුටු කඳුළින් සැමරූ දිනයෙකි. මහා නළු දිලිප් කුමාර් තවත් වසරකින් ජීවන ගමනේ සියවසට ළං වීම ඊට හේතුවයි. ඔහුගේ 91 වැනි උපන් දිනයට ධර්මේන්ද්‍ර, සලීම් ඛාන් (සල්මන් ඛාන්ගේ පියා), ආශා පරේක්, හෙලන්, රාණි මුඛර්ජි වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් සහභාගි වූහ.

‘ශෝකාන්තයේ රජු’ යන විරුදාවලිය ලද දිලිප් භාරත සිනමා රංගනයට පිවිසුණේ ‘ජ්වාර් භාතා’ සිනමාපටයෙනි.