වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




එන වසර මගේ

එන වසර මගේ

බොලිවුඩ් තරු වඩා කැමැති වසරින් වසර වඩාත් බැබලෙමින් වැඩිම ආලෝකය තමන්ගේ බව පෙන්වීමටයි. 2013 වසරේ කෙතරම් ජනප්‍රිය වූ සිනමාපට වුවත් දැන් ඒවා අතීතයට එක් වී අවසානයි. උදාවන වසර ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

2014 වසරේ එළඹෙන මාස දොළහේදී ස්ථිර වශයෙන්ම සිනමාපට හැත්තෑවක් තිරගතවීමට නියමිතය. එහෙත් ඊට වැඩි සිනමාපට ගණනක් අනිවාර්යයෙන්ම තිරගත වනු ඇත. මේ අතර සල්මන් ඛාන්ගේ ‘ජායි හෝ’, ෂාරුක් – දීපිකාගේ ‘හැපි නිව් ඉයර්’, රිතික් රොෂාන් - කත්‍රිනාගේ ‘බෑන්ග් බෑන්ග්’ සහ අක්ෂේ කුමාර්ගේ ‘තුප්පාක්කි’ ද වෙයි.

මසාලා සිනමාපට අතරට එක්වන වෙනස්ම සිනමාපටය වනු ඇත්තේ රාජ්කුමාර් හිරානිගේ පී. කේ. ය.