වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: ගුවනින් නොගිය මිල්ටන් ගේ ගුවන් නියමු මුනුපුරා: Sarasaviya e edition - Lake House - Sri Lanka

ගුවනින් නොගිය මිල්ටන් ගේ ගුවන් නියමු මුනුපුරා

ජනපි‍්‍රය ගායක රනිල් මල්ලවාරච්චි දැන් අපේ සංගීත වේදිකාවේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ඔහු දැන් ජීවත් වෙන්නේ විදෙස් රටක නිසයි. රනිල් මීට වසර කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. ඒ තම දරුවන් ගේ අනාගත සුබ සිද්ධිය උදෙසා.

මේ කියන්න යන්නේ රනිල්ගේ දයාබර පුතු පවන් මල්ලවාරච්චි පිළිබඳ පුංචි කතාවක්. පවන් මේ දිනවල ඕස්ට්‍රේලියාවෙදි ගුවන් නියමුවෙක් වෙන්න පුහුණු වෙමින් සිටින්නේ.

එහි විශේෂත්වය වන්නේ ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ගුවන් නියමුවෙක් විදියට පුහුණුව ලබන ළාබාලම ගුවන් නියමුවා වන්නේ පවන් නිසා. මේ නිසා තම පුතු ගැන රනිල්ට ඇත්තේ ආඩම්බරයක්. නමුත් පවන්ගේ සීයා මිල්ටන් මල්ලවාරච්චි හිටියා නම් ඊටත් වඩා සතුටු වෙයි.

තමන්ගේ මුනුපුරාගේ එඩිතරකම ගැන හිතලා. මොකද මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ සිය ජීවිත කාලයෙදි සංගීත ප්‍රසංගයකටවත් විදේස් රටකට නොගිය ගායකයෙක් නිසා. මොන තරම් ආරාධනා ලැබුණත් ඔහු ඒ හැම ආරාධනාවක්ම ප්‍රතික්ෂේප කළා ගුවනින් යන්න තිබුණු බය නිසා. ඒ ගැන අහන හැමෝටම මිල්ටන් කිව්වේ ‘කවුද දන්නේ යන ගමන් කොයි වෙලාවේ කඩා වැටෙයිද කියලා’ කියලයි.