වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 142

සිංහල සිනමා විස්තරය 142

චිත්‍රපට නාමාවලියේ 1985 වර්ෂයේ චිත්‍රපට කිහිපයක් පළවී ඇත්තේ චිත්‍රපට කිහිපයක් මග හැරීමෙනි. එබැවින් එම මගහැරුණු චිත්‍රපට මේ සමඟ පළවෙයි. මෙ වරද නිවැරැදි කළේ අපේ පාඨක නාලක වීරමන් මහතාට අපි ස්තුතිවන්න වෙමු.

මිහිදුම් සළු

තිරගත වූ දිනය – 1985 ජනවාරි 25

ඉදිරිපත් කිරීම – කල්පනා චලන චිත්‍රපට

නිෂ්පාදනය – එච්. එම්. එස්. මොහොමඩ්

අධ්‍යක්ෂණය - සුනිල් ආරියරත්න කතාව, දෙබස් සහ තිර රචනය – ජයකාඩි සෙනෙවිරත්න (ඔහුගේ මිහිදුම් සළු යුත් නවකතාව ඇසුරිනි) සහාය අධ්‍යක්ෂණය – නිශාන්ත ද අල්විස් කැමරා අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි හෙට්ටිආරච්චි කැමරා සහාය – ජී. නන්දසිරි, එස්. එම්. අමීන් කැමරා සහ ආලෝක ඒකකය - සමරසිංහ චිත්‍රපට සමාගම සංස්කරණය - රූබන් වැලිවත්ත

සංස්කරණ සහාය – ගාමිණී ජයමාන්න අංග රචනය – එස්. පී. කොස්තා කලා අධ්‍යක්ෂණය – හේමපාල ධර්මසේන කලා සහාය – ඇහැලියගොඩ සෝමතිලක

ශබ්ද පරිපාලනය – කන්දස්වාමි බාලසුබ‍්‍රමනියම්

ශබ්ද සහාය – ඒ. අයි. අමරසිංහ, පී. සුන්දර්රාජ්, අලෝසියස් රුද්‍රිගූ, බී. සෝමදාස, ඩබ්. පී. කරුණාරත්න රසායනාගාර කටයුතුª - වී. සිවදාසන් රසායනාගාර සහාය – ජී. මුත්තුසාමි, එම්. රාමචන්ද්‍රන්, ඩේවිඩ්සන් සිල්වා, රන්දෙනි ජයවර්ධන චිත්‍රගාරය – විජය, හැඳල නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර නිෂ්පාදන අධිකාරි – ලලිත් පටුවත විතාන සංගීත අධ්‍යක්ෂණය - සනත් නන්දසිරි ගීත - මෙම චිත්‍රපටය සඳහා ගීත ඇතුළත් නොවීය නිශ්චල ඡායාරූප - ආනන්ද අමරසිංහ (ගුණසේකර ඡායාරූප ශාලාව - හංවැල්ල)

නළු නිළියන් - අනෝජා වීරසිංහ, සොමී රත්නායක (පුංචි මහත්තයා), සබීතා පෙරේරා (සුමේධා), සනත් ගුණතිලක (දොස්තර සේනක), ඉන්ද්‍රජිත් නාවින්න (තිලකවර්ධන), බැසිල් ද සේරම් (පොලිස් පරීක්ෂක), විජේරත්න වරකාගොඩ (ආරච්චි), එස්. ඒ. ජේමිස් (විදුහල්පති), චන්දි රසිකා (විදුහල්පති බිරිඳ), දයා අල්විස්, ටෙඩී විද්‍යාලංකාර, අබේරත්න ජයසූරිය, දීපා හෙට්ටිආරච්චි, රොහාන් වැලිවිට, නිව්ටන් දළුගොඩ, මෝතිලාල් ගුණසේකර, සුනිල් සෝම පීරිස් ප්‍රදර්ශනය වූ සිනමා ශාලා - රිට්ස් - බොරැල්ල, සෙයින්ස්තාන්, ග්‍රෑන්ඩ්පාස්, විජිත – රත්මලාන, අනූෂා - මහරගම, ජයන්ත - ගම්පහ, ටාසන් – කෑගල්ල, හිමාලි - කිරිබත්ගොඩ, මොඩර්න් – කුරුණෑගල, ඕඩියන් – මහනුවර, නිව් ඉම්පීරියල් – පානදුර, සරසවි – ගාල්ල


ආදර කතාව

තිරගත වූ දිනය – 1985 ජනවාරි 25 ඉදිරිපත් කිරීම – රත්නම් නිෂ්පාදන කතාව, දෙබස්, තිර නාටකය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - චන්ද්‍රන් රත්නම් සහාය අධ්‍යක්ෂණය – ඩී.බී. වරණසිරි, ඩබ්. එච්. කේ. විජය බණ්ඩාර කැමර අධ්‍යක්ෂණය – සෝමපාල ධර්මප්‍රිය සංස්කරණය - ග්ලැඩ්වින් ප්‍රනාන්දු සහාය චන්ද්‍රසිරි ගුණරත්න

අංග රචනය - ශේෂා පලිහක්කාර සහාය වසන්ත විට්ටච්චි කලා අධ්‍යක්ෂණය – එරල් කෙලීී

නිෂ්පාදන කළමනාකරු - විලී ද සිල්වා නිෂ්පාදන අධිකාරි – අශෝක පෙරේරා ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් අතිරේක ශබ්ද පටිගත කිරීම – එඩ්වඩ් බොපේආරච්චි දෙබස් පටිගත කිරීම - සැන්ට් ජෝන්, ලයනල් ගුණරත්න දළ හඬ පටිගත කිරීම – කේ. ඒ. ධර්මසේන කාර්මික සහාය – කරුණාදාස, විජේරත්න, නිලන්ත, නන්දසේන, මාටින්

නිෂ්පාදන ලේඛිකා - තාරකා ඉන්ද්‍රානි, පර්ල් හනාන්

‘සැණකෙළියේ’ ගීීත ඛණ්ඩයේ අනුග්‍රහය - සෑම් පෙරේරා ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාදන්

රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්

චිත්‍රාගාරය – ලංකා චිත්‍රාගාරය සංගීත අධ්‍යක්ෂණය - සරත් ප්‍රනාන්දු ගීත ප්‍රබන්ධය – ගාමිණී විජේතුංග ගායනය – නිලා වික්‍රමසිංහ, ටී. එම්. ජයරත්න ගීත - සුනිල්වන් වලාකුළින් පායලා - නීලා වික්‍රමසිංහ, ටී. එම්. ජයරත්න

සුනිල්වන් වලාකුළින් පායලා – ටී. එම්. ජයරත්න

ප්‍රදර්ශනය – පස්වන මණ්ඩලයේ සිනමා ශාලා තුළදී මුල් නාමය – රෝස සිහින රංගනය – මැණික් කුරුකුලසූරිය (කාන්ති), දිලිප් සෙල්වරාජන් (රාමනාදන්), ටෝනි රණසිංහ (කාන්තිගේ පියා), අයිරාංගනී සේරසිංහ (කාන්තිගේ මව), ෆරිනාලායි, ජයන්ත ජයතිලක, දෙනවක හාමිනේ, අනුර මැදගොඩ, සෙල්වයුර් සෙල්වරාජන්, සධානා දිල්රුක්ෂි, බාස්කරන් සෙල්රාජන්, වින්සන් ගුණරත්න