|
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්සරසවිය සිනමා සම්මානයේ මුල්ම හිමිකරු කවුද?
නූතන සිනමාවේ පෙරගමනට අභිමානවත් සම්මානයක් තරුණ සිනමාකරුවන්ට අභියෝගයක්
ශ්‍රී ලාංකේය සිනමාවේ සිය මුල්ම කෘතිය හරහා ස්වකීය අනන්‍යතාව සලකුණු කරන ලද චිත්‍රපටයක් තැනුව ද මෙතෙක් ප්‍රදර්ශනය කිරීමට වරම් නොලද අලුත් සිනමාකරුවකුට මෙම අවස්ථාව විශිෂ්ට වරප්‍රසාදයක් වනු ඇත. පසුගිය වකවානුව පුරා නව පරපුරේ සිනමා කරුවන්ගේ අභිමානය පිළිබඳ සරසවිය දීර්ඝ වශයෙන් කරුණු හෙළිදරව් කරන ලදී. මේ බොහෝ සිනමාකරුවන්ට තවමත් මහජන ප්‍රදර්ශන අවස්ථාව ලැබී නැත.
ලාංකේය සිනමා ඉතිහාසයේ මුල් දශකය නිමා කරමින් තිරගත කරන ලද ආචාර්ය ලෙස්ටර් ජේම්ස්
පීරිස්ගේ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටය වන රේඛාව මෙරට සිනමාකරුවකු විසින් මුල්ම කෘතිය
මත ස්වීය අනන්‍යතාවය හා හාපුරා කියා සලකුණු කරන ලද චිත්‍රපටය ලෙස සැලකේ. රේඛාව
තිරගත කොට මෙම වසරට වසර 60 ක් සපිරේ. එමෙන්ම එතැන් පටන් මෙරට සිනමාව බිහි කළ
විශිෂ්ට සිනමාකරුවන්ගේ පරම්පරාවට පීතෘවරයා වූයේත්, ගුරුවරයා වූයේත් ආචාර්ය ලෙස්ටර්
ජේම්ස් පීරිස් බැව් ලාංකේය සිනමා විචාරකයන් මෙවර නව පරපුරකට මඟ පෙන්වන සරසවිය සම්මානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින් නම් කරන්නට තීරණය වූයේ ද එහෙයිනි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සඳහා සිය චිත්‍රපට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන සියලුම සිනමාකරුවන් 2016 පෙබරවාරි 25 දාට පෙර සරසවිය කර්තෘ, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට හෝ [email protected] විද්‍යුත් ලිපිනයෙන් හෝ ජංගම දුරකතන අංක 0773675299 මඟින් සිය චිත්‍රපටය පිළිබඳ තොරතුරු දන්වන ලෙස සරසවිය ඉල්ලා සිටී. විද්වත් විනිශ්චය මණ්ඩලයක් මඟින් අදාළ සිනමා කෘතියට හිමි සම්මානය පිරිනමනු ඇත. චිත්‍රපටයේ ඩී. සී. පී. පිටපතත් රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකයත් අදාළ අවස්ථාවලදී ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය වේ.
ඉල්ලුම් කළ හැකි අවසාන දිනය 2016 පෙබරවාරි 25 |