කැඩුම් බිඳුම්
කැඩුම් බිඳුම්
දෙනුවන සේනාධි රඟපාන්න ගියාම චරිතය තුළ හොඳින් ජීවත් වෙනවා. අහල පහළ තියෙන්නේ
මොනවද, ඉන්නේ කවුද කියන එක වැදගත් නැහැ. ඔන්න ඔහොම තමයි දෙනුවන රඟපාන්නේ. මෙයා
මෙහෙම රඟපාන්න ගිහින් මරු වැඩක් වුණා.
තමන්ට අදාළ ඩයලොග් ටික කියලා ළඟ තිබෙන පුටුවට
පැනලා වාඩි වෙන්නයි මෙයාට තිබුණේ. දෙනුවන බැලුවෙ නැහැ පුටුව කොච්චර සවිශක්තිමත් ද
කියලා. ඉතින් මෙන්න මෙයා ඩිරෙක්ටර් කියපු විදිහට පුටුවට පතබෑවුණා. පුටුවෙහි කකුල්
හතර පැත්තට ගියේ විදුලි වේගයෙන්.
දෙනුවන් ඩෝං ගාලා බිම පුටු ඇන්දත් එකක්. කොන්ද
වැදුණු පාරට දෙනුවන් නැවතුණේ කැඩුම් බිඳුම් වෙද මහත්තයෙක් ගාවලු.
|