|
|
ජෝතිපාලයන් ගැන අප්‍රකට තොරතුරු මේ පොතේ ඇතුළත්එදා මෙදාතුර මෙරට බිහි වූ අසහාය ගායකයා එච්. ආර්. ජෝතිපාලයන් යැයි පැවසිය හැකිය. අද ද ඔහුගේ ජනප්‍රියත්වය බිඳක් හෝ අඩු වී නොමැත්තේය. ජෝති පිළිබඳ දිනපතා එක දිගට වසර පහකට ආසන්න කාලයක් එක්තරා වැඩසටහනක් ලක්හඬ ගුවන් විදුලියෙහි ප්‍රචාරය විය. ඒ අමරණීය ජෝතිය. එය නොකඩවා ඉහළ රසික ප්‍රතිචාරය මධ්‍යයෙහි එතරම් කාලයක් ගුවනට මුසු වූයේ ජෝති අදටත් අමරණීය බව කියාපාමිනි. එම වැඩ සටහන මෙහෙයවනු ලැබුවේ මේකලා වසුන්දරා ජයතිලකය.
ඇය එය ඉතාම වගකීමෙන් සහ ජෝති පිළිබඳ ප්‍රකට අප්‍රකට තොරතුරු රැස් කොට ආකර්ෂණීය අන්දමින් ඉදිරිපත් කළාය. අද වන විට අමරණීය ජෝති වැඩ සටහන නතර වී ඇත. එහෙත් මේකලා ජෝතිගේ තොරතුරු එකතු කිරීම නම් නැවැත් වූයේ නැත. ඒවා එක්තැන්කොට ග්‍රන්ථගත කිරීමට ද ඇය උනන්දු විය. එම ග්‍රන්ථය ලොවට උරුම සදාදර ජෝති ලෙසට නම් කෙරුවාය. එය මෙම මස 12 වැනිදා එනම් ජෝතිගේ ජන්ම දිනයදා උදෑසන 9.30 ට කොළඹ මහජන පුස්ථකාලයීය ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට නියමිතය. අප මේකලාව ඒ වෙනුවෙන් පුංචි කතාබහකට එකතු කර ගත්තේය. මේකලා, ජෝතිපාලයන් පිළිබඳ මේ වන විට ග්රන්ථ රැසක් සම්පාදනය වී තිබෙනවා. ඒවා අතරින් මෙය වෙනස් වන්නේ කෙසේද? මමත් ජෝතිපාලයන් ගැන ලියවුණු ග්රන්ථ කිහිපයක්ම කියවා තිබෙනවා. නමුත් මට හිතුණා ඒවාහි ඇතුළත් නොවුණු තොරතුරු සියල්ල ඇතුළත් පොතක් සම්පාදනය කරන්න. කාලයක් තිස්සේ අමරණීය ජෝති වැඩසටහන වෙනුවෙන් මං එකතු කරපු තොරතුරු රැසක් තියෙනවා. ඒවා සමඟ ජෝතිපාලයන්ගේ සංගීත දිවියේ තතු, යුග ගීත ගැයූ ගායිකාවෝ, සහාය ගායකයෝ, සංගීතය සැපයූ සංගීතවේදීන්, රඟපෑ - ගී ගැයූ චිත්‍රපට නාමාවලිය, ලද සම්මාන ආදී විස්තරයන් මෙයට ඇතුළත්. මෙවන් වූ ග්රන්ථයක් සම්පාදනය කිරීම ලෙහෙසි නැහැ? ඔව්. මෙක නවල් එකක් වගේ අපට ඕනෑ විදිහට ලියන්න බැහැනෙ. ඒ තොරතුරු නිවැරිදිවම ඕනැ. ඇත්තම කිව්වොත් අපේ පරිපාලනය මඟින් අමරණීය ජෝති වැඩසටහන මට බාරදෙද්දී මං ජෝතිගේ සිංදු අහලා තිබුණේ ඉතාම අල්ප මාත්‍රයක් පමණයි. එදා ඉඳලා මං ඔහු ගැන තොරතුරු හෙව්වා. විශේෂයෙන් ඔහුගේ කලා ජීවිතය පිළිබඳ. ඒවා නිවැරැදි කරගන්න ඒවාට අදාළ පුද්ගලයන්ගෙන් පවා විස්තර ඇහැව්වා. එහෙමයි මෙය ලිව්වේ. ඔබ ඉදිරිපත් කළ අමරණීය ජෝති වැඩසටහන නැවතිලා? එහෙම වෙලා නම් ගොඩක් මං හිතනවා ඒක ජෝතිට ලැදි රසික රසිකාවන්ට කරපු දරුණු අසාධාරණයක්. වැඩසටහන ආරම්භයේ සිටම අති විශාල පෝස්ට්කාඩ් ප්රමාණ්යක් ආවා. ඒ වගේම එස්. එම්. එස්. මඟින් අපට අදහස් එවන්න කිව්වම මගේ ෆෝන් එකට එදා ඉඳලා නිවනක් නැහැ. දවසට දෙපාරක් ෆෝන් එක ෆෝමැට් කරනවා. එතරම් රසික ප්‍රතිචාර තිබුණා. ඇතැම් රසිකයෝ බෙහෙත් පවා බිව්වේ ජෝතිගේ ගීත අහලා. ඔවුන් අපට අනන්තවත් කියලා එවනවා මං බෙහෙත් බොන්නේ ජෝතිගේ අහවල් ගීතය දුන්නොත් විතරයි කියලා. ඒතරම්ම බැඳියාවක් මේ වැඩසටහන හා තිබුණා. හැමදාම ලයිව් අමරණීය ජෝති වැඩසටහන ඉදිරිපත් කරලා මං ගෙදර යද්දී රෑ දොළහයි. මට අපේ නෑ හිතවතුන්ගේ උත්සවයන්ට පවා යන්නට නොහැකි වූවා මේ වැඩසටහන හින්දා. පෞද්ගලික ජීවිතය පවා උගසට තියලා කරපු මේ වැඩ සටහන හදිසියේම නැවතුණා. ඇත්තම කිව්වොත් මම එයින් කම්පනයට පත් වුණා. වෙනත් නාළිකාවකින් ඔබට ඇරැයුම් ලැබුණේ නැති ද අමරණීය ජෝති ඉදිරිපත් කරන්න කියලා? කතා කළා. ඒත් මම යන්නේ නැහැ. මොකද ඒ සංකල්පය ලක්හඬ ආයතනයේනෙ. මට මගේ සංකල්පයක් වගේ වෙනත් නාළිකාවකට එය ඉදිරිපත් කරන්න ඕනෑ නැහැ. ඔබේ තවත් අදහසක් පවසමින් මේ කතාව අවසන් කරමු? මගේ මේ ග්‍රන්ථයේ අමරණීය ජෝති වැඩ සටහනට එවූ පාඨක අදහස් දහස් ගණන අතරින් අපහසුවෙන් තෝරා ගත් එවැනි අදහස් තුන්සිය පනහකින් ද සමන්විතයි. ඒ හින්ද මෙම පොත එළිදක්වදාට අපේ ඒ පාඨකයන් ඇතුළු ජෝතිට ලැදි හැමෝටම එන්න කිලා විවෘත ආරාධනාවක් කරන්න කැමැතියි. |
|