ඩිරෙක්ටර්ගෙන් අධ්‍යක්ෂණයක්
ඩිරෙක්ටර්ගෙන් අධ්‍යක්ෂණයක්
සමන් ගුණවර්ධන කියලා කියනවට වැඩිය කෝපි කඩේ බණ්ඩා කිව්වොත් තමයි ඔහුව අප හඳුනන්නේ.
මෝඩ ගැමියකුගේ චරිතය නිරූපණය කළත් සමන් වෘත්තියෙන් වයඹ පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා
(සෞන්දර්ය) කියලා වැඩි දෙනකු දන්නේ නැහැ.
ඒක ඉතාම ඉහළ නිලයක්නෙ. ඒත් සමන්
තවමත් එදා වගේමයි. මොන දේ වුණත් වෘත්තීය පැත්තෙන් කොපමණ තනතුරු දැරුවත් ඔහු කලාව
නම් අමතක කරන්නේ නැහැ. ඒ හින්දම තමයි සමන් තව නොබෝ දිනකින් ටෙලි නාට්‍යයක්
අධ්‍යක්ෂණය කිරිමට සූදානම් වන්නේ.
සමන් මේ වැඩ කටයුත්ත අරඹන්න හිතාගෙන ඉඳලා
තියෙන්නේ කාටත් හොරෙන්. ඒ වුණාට කාටත් කලින්ම පත්තරේ දාන්න ඕන නිසා මෙහෙම සඳහනක්
කළා සමන්.
|