වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය - ලෝක පූජිතව සිටිි ඇබා සංගීත කණ්ඩායම ගැන වර්තමාන තොරතුරු දැන ගත හැකිද?

අයිලීන් සෝවීස්, 52, සොයිසාවත්ත, රාගම

අර්ජුන් - වර්තමානයේ ඇබා සංගීත කණ්ඩායම ක්‍රියාත්මකව පවතින්නේ නැහැ.

ප්‍රශ්නය - බාහුබාලි චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ නළු නිළියන් යුවළ කවුද?

බාහුබාලි චිත්‍රපටය පිළිබඳ විස්තරයක් කරන්න.

එච්. ඉන්ද්‍රපාල

සංඝමිත්තා මාවත, මුංහේන

අර්ජුන් - බාහුබාලි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරපණය කළේ තෙළිඟු සිනමාවේ ජනප්‍රිය නළු ප්‍රභාෂ්. නිළිය තමන්නා. ඊට අමතරව අනුෂ්කා ෂෙට්ටි, රනා දන්ගුභාති, සත්‍යරාජ් ද මෙහි රංගනයෙන් දායක වුණා. බාහුබාලි අධ්‍යක්ෂණය කළේ තෙළිඟු සිනමාවේ ජනප්‍රිය සිනමාකරු එස්. එස්. රාජාමෞලි විසින්. ඉන්දීය සිනමාවේ වැඩිම වියදම දරා නිර්මාණය කළ චිත්‍රපටය වන මෙම චිත්‍රපටයේ තවමත් තිරගත කළේ පළමු කොටස පමණයි. අමෙරිකානු ඩොලර් මිලියන 18 ක් වැය කර නිර්මාණය කළ බාහුබාලි වාර්තා කළ ආදායම වුණේ ඇමරිකානු ඩොලර් මිලින 100 ක්. එය තෙළිඟු බසට අමතරව දෙමළ, හින්දි බසින් ද හඬ කවා තිරගත වූවා.

ප්‍රශ්නය - ලතා වල්පොල ගැයූ ප්‍රථම ගීතය කුමක්ද?

වියානි ගණවර්ධන, ශීලා වැන්ඩර්ලන්, පල්ලිය පාර, වෙන්නප්පුව

අර්ජුන් - “කඳුළු දෙනෙතේ වෑහෙනා” ලතා වල්පොල ගැයූ ප්‍රථම ගීතයයි. එය යුග ගීතයක් වන අතර වින්සන්ට් ද අල්විස් සමඟින් ලතා මේ ගීතය ගායනා කළා.

ප්‍රශ්නය - හරිඳු වරුණ පෙරේරාගේ (චණ්ඩි මල්ලි - ආදර වැස්ස) පියා ප්‍රවීණ සිනමා නළුවෙක් බව දැන ගන්න ලැබුණා. ඔහුගේ නම කුමක්ද? ඔහු දැනට ජීවතුන් අතර සිටීද?

පී. වයි අනුලාවතී, කුඩගම

අවිස්සාවේල්ල

අර්ජුන් - හරිඳුගේ පියා අතිශය ජනප්‍රිය නළුවෙකු මෙන්ම ගායකයෙකු වූ එල්. එම් පෙරේරා. ඔහු දැනට ජීවතුන් අතර නැහැ.

ප්‍රශ්නය - ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔබ කියා තිබුණා ‘මේ මගෙයි වයිෆ්ගෙයි යුගය’ කියලා. මම ඔබ නම් මේ ප්‍රශ්නයට දෙන පිළිතුර වන්නේ, ‘එහෙම කතා කරන්න තරම් යුගයක් තවම ඇවිත් නැහැ’ කියලයි. එහෙම කරා නම් පාඨකයා අපහසුතාවයට පත් වෙන්නේ නැහැ. මම හරි නේද? තවද අප දන්නා පරිදි ඔබ චිත්‍රපටවල රඟපාන්නේ නැහැ.

උපාලි අමරසිංහ, වදුරාගොඩ වත්ත, නන්කුරුගම, මාවනැල්ල

අර්ජුන් - විහිළුව වරදවා වටහා ගන්න එපා. ඔය කියලා තියෙන්නේ ජීවන සිනමාව ගැන.

ප්‍රශ්නය - “පායන පුන් සඳ නිල් ආකාසේ වගේ මේ පොඩි මුහුණ පුතාගේ” ගීතය කුමන චිත්‍රපටයේ ගීතයක්ද?

සුදත් නිශාන්ත, මීගමුව

අර්ජුන් - සිතක මහිම

ප්‍රශ්නය - ලොව ප්‍රථම චිත්‍රපටය තිරගත වූයේ කවදාද?

ප්‍රේමසිරි මාරසිංහ,වල්පල,

මාතර

අර්ජුන් - 1986 දෙසැම්බර් 26 වැනිදා